Home » කර්මාන්ත උදෙසාම වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාළිකාව ළඟදීම

කර්මාන්ත උදෙසාම වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාළිකාව ළඟදීම

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නැංවීම අරමුණු කර ගනිමින් කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ සංකල්පයකට අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා කර්මාන්ත අමාත්‍යාංශය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ කර්මාන්ත වෙනුවෙන් වු ප්‍රථම විද්‍යුත් රූපවාහිනි නාළිකාව ලෙසින් Industry TV රූපවාහිනි නාළිකාව, ලෝක රූපවාහිනි දිනය යෙදෙන නොවැම්බර් 21 වැනි දා ජනගත කිරීම සිදු වේ.

එහි සමාරම්භක උත්සවය ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පෙ.ව. 9 ට පැවැත්වේ.

Peo TV අංක 130 ඔස්සේ විකාශය සිදු වන Industry TV නාළිකාව Your Winning Line (ඔබේ ජයග්‍රහණයේ රේඛාව) යන තේමාවෙන් ක්‍රියාත්මක වේ.

නොවැම්බර් 21 වෙනිදා සිට නොවැම්බර් 30 දක්වා හඳුන්වාදීමේ විකාශය ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 1 වැනිදා සිට කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කොට ගත් Industry News, කර්මාන්ත කතා, වැඩබිම් රසෝඝය, Plus Mind Help Desk, ව්‍යවසායකත්ව රජ දරුවෝ, lndustrial Zone, Money Talk l Book Brands, lnvestor Pool, Metal World,Tea Life, Plantation World, Travel Bazar, ව්‍යාපාරික ශක්ති, Business Clinic, Industry Frame ආදී විවිධ වැඩසටහන් වර්ග 40ක් Industry TV නාළිකාව තුළ විකාශය සඳහා අන්තර්ගත ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division