සමාජ මාධ්‍ය ආයතනවලින් සිදුකරන ස්වයං නියාමන සේවා | සිළුමිණ

සමාජ මාධ්‍ය ආයතනවලින් සිදුකරන ස්වයං නියාමන සේවා

 

 

සෑම සමාජ මාධ්‍යයක්ම පාහේ තම මාධ්‍ය අවභාවිත කිරීම වැළැක්වීමට නීති පනවා ඒ අනුව කටයුතු කරමින් සිටිනු දැකගත හැකිය. ඒ සඳහා සමාජ මාධ්‍යයන්හි පළ වන නොයෙක් දේ නියාමනය කිරීමට වැටුප් ලබන සේවකයන් සේවයේ යෙදවීමට මේ සමාගම්වලට සිදුවී තිබේ.

ගූගල් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන වීඩියෝ හුවමාරු මාධ්‍ය ජාලය නියාමනය කිරීමට පරිගණක යන්ත්‍ර යොදවා ඇති අතර 2019 වසරේදී ජූලි සිට සැප්තැම්බර් දක්වා එම මාධ්‍ය ජාලය විසින් ඉවත් කරනු ලැබූ වීඩියෝ දර්ශන අතරින් සියයට 93ක් ඒ සඳහා නිර්දේශ කරනු ලැබුවේ පරිගණක විසිනි. එම කාලය තුළ එම මාධ්‍යයෙන් ඉවත් කර ඇති සම්පූර්ණ වීඩියෝ සංඛ්‍යාව මිලියන 8.8කි. එමෙනම් එම කාලය තුළ නාළිකා මිලියන 3.3ක්ද කමෙන්ට් මිලියන 517ක්ද ගූගල් සමාගම විසින් ඉවත් කර දමා තිබේ.

යූ ටියුබ් නාළිකාව තමන් වෙත යොමු කරන වීඩියෝ නියාමනය සඳහා පත් කර ඇති සේවයක් සංඛ්‍යාව 10,000කි.

ෆේස් බුක් සමාගම වර්තමානයේ ඉන්ස්ටර්ග්‍රෑම්හි ද හිමිකාරීත්වය දරන අතර එම ආයතන සඳහා ලොව පුරා 35,000කට අධික පිරිසක් මාධ්‍ය නියාමනය සඳහා සේවය ලබා දී වැටුප් ලබා ගනිති.

ෆේස් බුක් සමාගම විසින් නිකුත් කර ඇති දත්ත අනුව පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ඔවුන් අන්තර්ගතයන් මිලියන 28.1ක් ඉවත් කර ඇත්තේ ඒවායේ ලිංගිකත්වය ඉස්මතු වන බව නියාමනය කළ බැවිනි. එමෙන්ම මේ වසරේ මුල් කාර්තුවේදී ඒ හේතුවෙන් ෆේස් බුක් තුළින් ඉවත් කළ අන්තර්ගතයන් සංඛ්‍යාව මිලියන 31.8කි.

සයිබර් තර්ජන එල්ල කිරීම සහ අවභාවිතය හේතුවෙන් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී ෆේස් බුක් ආයතනය අන්තර්ගතයන් මිලියන 6.3ක් ඉවත් කර ඇති අතර මේ වසරේ පළමු කාර්තුවේදී ඉවත් කර ඇති අන්තර්ගයන් සංඛ්‍යාව මිලියන 8.2කි.

මේ හැර ළමා ආරක්ෂාවට හානිදායී වීම, ත්‍රස්තවාදයට සහය දීම, අසත්‍ය තොරතුරු ඇතුළත් වීම, අපහාසය යනාදී වර්ගීකරණයන් යටතේ ‌ෆේස් බුක් සඳහා යොමු කරන අන්තර්ගතයන් ඉවත් කිරිමට එම ආයතනය කටයුතු කරයි.

Comments