SLT-MOBITEL වෙතින් ‘Entrepreneurship Studio’ | සිළුමිණ

SLT-MOBITEL වෙතින් ‘Entrepreneurship Studio’

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවක තාක්ෂණික ව්‍යවසායකයන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ පියවරක් වශයෙන්,‘Entrepreneurship Studio’ නමින් පුරෝගාමී නව වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය.

නවක තාක්ෂණික ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කිරීමේදී අවශ්‍ය වන ආයෝජන, මඟ පෙන්වීම් සහ සම්බන්ධතා ආදිය සම්බන්ධයෙන් පැහැදිලි මඟපෙන්වීමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

‘Entrepreneurship Studio’ සඳහා තෝරාගනු ලබන අයදුම්කරුවන්ට සති 12 ත් 16 ත් අතර කාලයක් පුරා ක්‍රිමයාත්මක වන උපදේශන වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

Comments