ක්‍රිස්බෝ සමා­ගම කෝවිඩ් තත්වය හමුවේ විප­තට පත්වූ සිය සේවක පවු­ල්වෙත සහන සල­සයි | සිළුමිණ

ක්‍රිස්බෝ සමා­ගම කෝවිඩ් තත්වය හමුවේ විප­තට පත්වූ සිය සේවක පවු­ල්වෙත සහන සල­සයි

කුකුළු මස් නිෂ්පාදකයකු වන ක්‍රිස්බෝ සමාගම, කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනය මඟින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ලංකාවේ ආහාර සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ක්‍රිස්බෝ කැපවී සිටින අතර සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා කිරීම සහ එයින් ඇති ව තිබෙන බලපෑම අවම කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග සමත් ව ඇත.

‘‘ මෙම වසංගතය මෙරට සෑම ක්ෂේත්‍රයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බැවින් එහි ප්‍රතිවිපාකයන්ට තවත් බෝහෝ කාලයක් යන තුරු අපට මුහුණ දෙන්නට සිදු වේවි. මෙවැනි අසීරු කාලවකවානුවක පවා අපගේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අප ඔවුන් සමඟ නිරතුරුවම සිටින බව විශ්වාසයෙන් පවසන්න කැමතියි. ක්‍රිස්බෝ සමාගමේ ආචාරධර්මික ප්‍රවේශය වන්නේත් හැකි හැමවිටම ක්‍රිස්බෝ සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සුබසාධනයයි.

Comments