ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පැතිරීම 50%ක් වැඩියි | සිළුමිණ

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය පැතිරීම 50%ක් වැඩියි

මෙරටින් හමුවී ඇති ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් 19 වයිරස ප්‍රභේදයේ පැතිරීම අනෙක් වයිරසවලට වඩා සියයට 50ක වේගවත් බවක් දක්නට තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සිළුමිණට ප්‍රකාශ කෙළේය.

මෙම වයිරස ප්‍රභේදය කිසිදු ලෙසකින් එක් එන්නත් මාත්‍රාවකින් පාලනය කළ නොහැකි බව අවධාරණය කළ ආචාර්ය ජීවන්දර කීවේ පැතිරීමේ වේගවත් බව හා බිහිසුණු නිසා එය ඉක්මනින්ම පාලනයට කටයුතු කළ යුතු බවයි.

මේ අතර කොළඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයෙන් ඉන්දීය ඩෙල්ටා වයිරසය වැලඳුණු පුද්ගලයන් 5 දෙනකු සොයාගත් අතර තවත් ආසාදිතයන් ඇත්දැයි සොයාබැලීමට විශේෂ මෙහෙයුමක් දැන් සෞඛ්‍ය මඟින් ක්‍රියාත්මක කර ඇත.

කොළඹ නගර සභාවේ වෛද්‍ය දිනූ ගමගේ ප්‍රකාශ කර සිටින්නේ ආසාදිතයන් සම්බන්ධ විශේෂ සෞඛ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. ඩෙල්ටා නව ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවේ පැතිර ගියහොත් එය සිවුවන රැල්ලක අවදානමක් වනු ඇතැයි සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබේ.

Comments