හච් සමඟ ඔන්ල­යින් රිචාර්ජ් කළ සැමට 50% ක බෝනස් දීම­නා­වක් | සිළුමිණ

හච් සමඟ ඔන්ල­යින් රිචාර්ජ් කළ සැමට 50% ක බෝනස් දීම­නා­වක්

ජංගම දුරකතන බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීමක් වන හච්, ප්‍රථම වරට ඔන්ලයින් රිචාර්ජ් කරන තම පාරිභෝගිකයින් සඳහා 50%ක බෝනස් දීමනාවක් සහ ඉන්පසු කරන සියලු ඔන්ලයින් රිචාර්ජ් සඳහා 25%ක බෝනස් දීමනාවකුත් ලබාදීමට කටයුතු සලසා ඇත. මෙම දීමනාව 2021 ජූලි මස 15 දින දක්වා සියලු 072 සහ 078 පාරිභෝගිකයින් වෙනු‍ෙවන් පිරිනැමෙන අතර හච් Self Care app වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකරන ඔන්ලයින් රිලෝඩ් සඳහා සුදුසුකම් ලබයි.

පවත්නා සංචරණ සීමා හමුබේ හච් පාරිභෝගිකයින්ට තම රීලෝඩ් අවශ්‍යතා ඔන්ලයින් ක්‍රමයට සිදුකර ගැනීම මඟින් දිරිගන්වන අතරම ඔවුන්ට වැඩි සහනයක් ලබාදීම අරමුණයි.

ඔන්ලයින් රීලෝඩ් පහසුකම සඳහා කාර්යක්ෂම ප්‍ර වේශයක් ලබා දීම තුළින් හච් පාරිභෝගිකයින්ට තම නිවස තුළ සුරක්ෂිතව සිටිමින් තම ගිණුමේ ශේෂයන් අමතර බෝනස් දීමනාවක්ද සමඟින් ඉහළ නංවා ගතහැක. මේ සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ද්විත්වයම භාවිතා කළහැක.

Comments