කොම­ර්ෂල් බැංකුවේ වෙබ් අඩ­වියෙන් බිල්පත් පිය­වී­මට පිය­වර රැසක් | සිළුමිණ

කොම­ර්ෂල් බැංකුවේ වෙබ් අඩ­වියෙන් බිල්පත් පිය­වී­මට පිය­වර රැසක්

 ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු ඕනෑම තැනක හිඳ ස්වයංක්‍රීයව යව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක්‍රීයව මාසික බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් හඳුන්වා දී තිබේ.

මෙම ස්වයංක්‍රීයව පහසු බිල්පත් ගෙවීමේ ක්‍රමයට අලූතින්ම එක්වූ ආයතන අතරට මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලය අයත්වන බවත් මින්පසුව මෙම ආයතන දෙකේ බිල්පත්ද මෙමගින් ගෙවිය හැකි බවත් බැංකුව සඳහන් කරයි.

මේ අනුව, පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොමර්ෂල් බැංකුවේ ෙක්‍රඩිට් කාඩ්පත් හිමියන්ට පිටතට නොගොස් නිවසේ සිටම තම බිල්පත් ගෙවීමට අවස්ථාව මෙමගින් ලැබෙන නිසා සිය ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව හිමිවී තිබේ. මේ අනුව, ලියාපදිංචි කරන ෙක්‍රඩිට් කාඩ්පතක් තුළින් කොමර්ෂල් බැංකුවේ ෙක්‍රඩිට් කාඩ්පත් හිමියන්ට මෙම සේවාව ඔස්සේ මේ වනවිට ඩයලොග්, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය යන ආයතනවල බිල්පත් සෑම මාසයකදීම ස්වයංක්‍රීයව ගෙවා දැමිය හැකි බව බැංකුව පවසයි.

බැංකුව සඳහන් කරන්නේ මෙම ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ සේවා සඳහා ලියාපදිංචි වීම ඉතාමත් සරල බවයි. මේ සඳහා ෙක්‍රඩිට් කාඩ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට සිය ෙක්‍රඩිට් කාඩ්පත් තොරතුරු ඇතුළත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර එහි කොන්දේසි පිළිගනිමින් මෙම සේවාව ලබාගැනීමට ලියාපදිංචි විය හැකි නිසා මෙම සේවාව සක්‍රීය කරගැනීමට කොමර්ෂල් බැංකුවේ ෙක්‍රඩිට් කාඩ්පත් හිමියන්ට බැංකුවට පැමිණිය යුතු නොවේ.

Comments