අබාන්ස් කැපී­පෙ­නෙන ලාභ­යක් සහ පිරි­වැ­ටු­මක් අත්කර ගනියි | සිළුමිණ

අබාන්ස් කැපී­පෙ­නෙන ලාභ­යක් සහ පිරි­වැ­ටු­මක් අත්කර ගනියි

2020/2021මූල්‍යවර්ෂය සඳහා ආදායම් බදු වලට පෙර ලාභය වශයෙන් රුපියල් බිලියන 2.5ක් වාර්ථා කිරීමට අබාන්ස් PLC සමත් වූ අතර එය ගත වූ වසරට වඩා 189% ක වර්ධනයකි. කොවිඩ්-19 වසංගත තත්වය නිසා අභියෝගාත්මක සහ ව්‍යාකූල ව්‍යාපාරික පසුබිමක් පවතින මෙවැනි කාලවකවානුවක වෙනත් ව්‍යාපාර සහ සමාගම් දැඩි පීඩනයකට ලක්වී අසීරු මොහොතක් ගතකරන කාලයක අබාන්ස් වෙළෙඳනාමය සතු ශක්තිය විදහාපාන අවස්ථාවක් වශයෙන් මෙය සැලකිය හැක. ගත වූ වසරේ අතිශය දුෂ්කර ව්‍යාපාරික වාතාවරණයක් යටතේ සමාගමේ උපායමාර්ග නැවත හඳුනා ගැනීමට අවශ්‍ය වූ අතර පාරිභෝගික අවශ්‍යතා සපුරා ලීම වෙනුවෙන් වඩා වේගවත්ව ඩිජිටල්කරණය වෙත මාරු වීමට ඒ අනුව සිදු විය.

කොවිඩ්-19 වසංගත තත්වය නිසා ව්‍යාපාර ලෝකය තුළ අභියෝග රැසක් මතු වූ අතර ව්‍යාපාරයන්ගේ ලාභය, ප්‍රාග්ධනය සහ තිරසාරභාවය සම්බන්ධව අනපේක්‍ෂිත අවදානම් රැසක් පැන නැගුණි. අබාන්ස් අබාන්ස් PLC ඉහළ කළමනාකාරීත්වය විසින් සිදුකළ සියුම් නිරීක්‍ෂණයන් මඟින් උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම මනාව සිදු කෙරුණු අතර ඒ ඔස්සේ ඉහළම ප්‍රථිලාභ අත්පත් කර ගනිමින් වෙළඳපොළ අංශ රැසක පෙරමුණ ගැනීමට හැකිවිය.මේ අනුව 2020/2021 මූල්‍යවර්ෂය සඳහා අබාන්ස් PLC පිරිවැටුම රුපියල් බිලියන5.8කින් වර්ධනයවී,රුපියල්බිලියන37.8ක්වූඅතරඑය ගත වූ වසරට වඩා18% ක වර්ධනයකි. අබාන්ස්හි කාර්තුමය පිරිවැටුම අතිවිශිෂ්ට ලෙස ඉහළ ගොස් පැවති අතර විශේෂයෙන් 3 වන සහ 4 වන කාර්තුවල ගත වූ වසරට සාපේක්‍ෂව පිළිවෙළින් 40%ක සහ 56% ක ප්‍රබල වර්ධනයක් දැකගත හැකි විය.

Comments