මුළු කොළඹම පාළුවට යයි | සිළුමිණ

මුළු කොළඹම පාළුවට යයි

කොවිඩ් වසංගතය විසින් සියලු සංචරණ සීමා කර තිබේ. දෙනෝදාහක් ගැවසෙන තැන් බොහොමයක් දැන් ජනශූන්‍ය වී ඇත්තේ පෙර කවරදාකවත් නොවූ විරූ ලෙසිනි. මීට ඉහතදී කතාවට මෙන් කීවේ කොළඹ හිස් වෙන්නේ අලුත් අවුරුදු සමයට පමණක් යැයි කියාය. ඒත් මේ තරම් හුදෙකලාවක් මීට පෙර උදා වූයේ එක්වරක් පමණකි; ඒ කොවිඩ් වසංගතය නිසාම රටම වසා තැබූ කාලයේය.

වෙළෙන්දන්, පදිකයන් හා නන්විධ අවශ්‍යතා වෙනුවෙන් කොළඹට දිනෙකට පැමිණෙන පිරිස ලක්ෂ 15 ක් පමණ වන බැව් කියති. එතරම් ජනාකීර්ණ කොළඹ ඉකුත් සිකුරාදා මධ්‍යහ්නය වන විට ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේට දිස් වූයේ මෙසේය. දකුණු පස දැක්වෙන්නේ වෙනදා දෙනෝදාහක් ගැවසෙන කොළඹ දුම්රිය ස්ථානය පාළුවට ගොස් තිබූ අයුරුය.

Comments