පයට පෑගු­ ණත් ඇසට ගු­ ණ දෙන උඳුපිය­ලිය | සිළුමිණ

පයට පෑගු­ ණත් ඇසට ගු­ ණ දෙන උඳුපිය­ලිය

ගෙමිදුලේ, එළිමහන් බිම්වල පොළොවට සමාන්තරව, පැතිර යන කුඩා පැළෑටියක් වන උඳුපියලි ඔසු ගුණ පිරි වටිනා ශාකයක් ලෙසයි හැඳින්වෙන්නේ. පයට පෑගුණත් ඇසට ගුණ දෙන්නේ යන කියමන පැරැණි ගැමි සංස්කෘතිය තුළ ප්‍රචලිත වූයේ ඒ නිසා විය හැකිය. හීන් උඳුපියලිය , බෙහෙත් උඳුපියලිය , කැද උඳුපියලිය යන නම් වලින් හඳුන්වන ප්‍රාදේශීය නාම කිහිපයකි...

 

විවිධ රෝග ප්‍රතිකාර සඳහා බහුලව යොදා ගන්නා හීන් උඳුපියලිය විෂ නාශකයක්, වේදනා නාශකයක් කුසගිනි වර්ධකයක් හා, ශක්ති ජනකයක් ලෙස සිරුරේ ක්‍රියාත්මක වෙයි. ඇසේ ස්නායු ආබාධ නිසා පෙනීමේ සංකූලතා ඇති වූ විට මුලදීම උඳු පියලිය ගෙන ප්‍රතිකාර කළොත් පෙනුම නැවත ලබා ගත හැකි බව පුරාණ ආයුර්වේද පොත පතේ සඳහන්ය

මධ්‍යම පළාතේ කැඩුම් බිඳුම් සඳහා ද උඳුපියලිය භාවිත වී ඇති අතර රෝග රැසකට ප්‍රතිකර්ම ලෙස යොදා ගන්නා උඳුපියලිය ශාකයේ ඖෂධීය ගුණ නිසාම විවිධ අයුරින් ආහාරයටද එක් කර ගනියි..

 

 

ඖෂධීය ප්‍රතිකර්ම

ළදරුවන්ගේ අජීර්ණයට හීං උඳුපියලිය යුෂ ස්වල්පයක් දීම ඔසුවකි.

සෙංගමාලය, ශරීරයේ විෂ, අතීසාරය හා ඇස් රෝග ආදියට හීං උඳුපියලිය කැඳ ගුණය.

බඩපිපුමට උඳුපියලිය කොළ පවනේ වේළා කුඩුකර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය.

හාවුන්ගේ වසුරු උඳුපියලි කොළ යුෂින් අඹරා ගෑම ඉදිමුම් සඳහා ප්‍රතිකර්මයකි.

රක්ත වාතයට හීන් උඳුපියලිය , අමුකහ , කයිප්පු , තැඹිලි වතුරින් අඹරා තලපයක් ලෙස කකුලේ අධිකව පැළී ඇති තැන්වල ගෑමෙන් සුවය ලැබේ.

පරණ තුවාල සඳහා හීන් උඳුපියලිය දලු මිටක්, අමුකහ ස්වල්පයක් සහ රත්හඳුන් ඇල්වතුරින් ගලක අඹරාගෙන තුවාලය හොඳින් නිවුණු උණුවතුරින් සෝදා ඒ මත අඹරා ගත් තලපය ගෑමෙන් සුවය ලැබේ .

විසර ගෙඩි සඳහා හීන් උඳුපියලිය , කෝමාරිකා මද , පෙරුම්ක­ායම් , අමුකහ දල්ලක් පොල් කිරි වලින් තම්බා, හීන් වෙන්න අඹරා විසර ගෙඩිය වටේ ගෑ හැකිය .

උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ගුලියක් එළකිරි සමඟ මිශ්‍රකර උදේ පානය කිරීමෙන් මවුවරුනට මනාව කිරි එරෙන බව සඳහන්.

උඳුපියලිය කොළ බුලත් මෙන් සපමින් කෙළ ගිලීම, තොල් පැළීම සුව කරයි.

උඳුපියලි වියළා කුඩුකර උළුහාල් කුඩු තේ හැඳි, බාගයක් දමා කෝපි මෙන් පානය කිරීමෙන් මධුමේහයේදී ,ඇතිවන පිපාසය සංසිඳුවයි.

මුත්‍රා අඩස්සිය ඇති අයට සම්පූර්ණ ශාකය තම්බා බීමට දෙයි.

පත්තෑ විෂට ශාකය දෙහි ඇඹුලෙන් අඹරා ගෑමද, පොලොන් විෂ හැරීමට උඳුපියලිය යුෂ පතක් දෙන බව සඳහන්.

උඳුපියලිය පානය

අවශ්‍ය ද්‍රව්‍ය

අමු උඳුපියලිය මිටක්

ලුණු ස්වල්පයක්

සීනී තේ හැඳි 2ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

දෙහි ස්වල්පයක්

උඳුපියලිය මිටක් හොදින් සෝදා පිරිසුදු බ්ලෙන්ඩරයට දමා එයට වතුර වීදුරුවක් එක් කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. පසුව එය පෙරා එයට සීනී, ලුණු, දෙහි ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු එක් කර හොඳින් මිශ්‍ර කර පානයට එක් කර ගන්න. (මෙය උදෑසන පානය කීරිම වඩාත් සුදුසුයි )

 

 

උප­දෙස්
වී.ජී. ස්වර්ණ­ලතා - උමං­දාව දේශීය ආහාර  පර්යේ­ෂණ ව්‍යාපෘ­තිය
ඡායා­රූප - තිලක් පෙරේරා

Comments