සියලු රෝහල් කොවිඩ් වෙනු­වෙන් සීරු­වෙන් | සිළුමිණ

සියලු රෝහල් කොවිඩ් වෙනු­වෙන් සීරු­වෙන්

සුගිය දින කීපය තුළ අඛණ්ඩව දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෙදහසකට ආසන්න වීම හේතුවෙන් මේ වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ කොවිඩ් රෝගීන් 18000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ගන්නා හෙයින් ඉදිරියේදී තවත් රෝහල් කිහිපයක්ම සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව සෑම ප්‍රධාන රෝහලක ම වාට්ටු කිහිපයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට සැලැසුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය. ඊට අමතරව මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ ස්ථාන කිහිපයක්ද රෝග ලක්ෂණ  නැති රෝගීන්‍ සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමටද සූදානම් වන බවද වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය. එසේම දැඩි අධීක්ෂණයක් යටතේ රෝග ලක්ෂණ නැති අයවලුන් ප්‍රතිකාර ගන්නා පෞද්ගලික රෝහල්වලින් වෙන් කර ගත් පෞද්ගලික හෝටල්හි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමටද අවසර දී තිබේ. එවැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොදාගන්නා හෝටල් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරව දැඩි සුපරීක්ෂාවෙන් සිටින බවද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 

Comments