පැල්වත්ත අවු­රුදු ආහාර වට්ටෝරු තර­ඟා­ව­ලියේ ජය­ග්‍රා­හ­ක­යන් තෝරයි | සිළුමිණ

පැල්වත්ත අවු­රුදු ආහාර වට්ටෝරු තර­ඟා­ව­ලියේ ජය­ග්‍රා­හ­ක­යන් තෝරයි

පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු සමයේ සතුට සහ විනෝදය ගෙන දෙමින් සමාජ මාධ්‍ය හරහා දියත් කරන ලද “පැල්වත්ත අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය” තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගනිමින් සාර්ථකව අවසන් කෙරිණි. Facebook සහ Instagram හරහා සිදුකරන ලද මෙම තරගාවලිය සඳහා පුළුල් පරාසයක විහිදුනු පැල්වත්ත නිෂ්පාදන භාවිතා කරමින් අලුත් අවුරුදු ආහාර වට්ටෝරු සහ ඡායා රූප බෙදා හදා ගැනීමට පාරිභෝගික ජනතාවට ආරාධනා කළේය. මෙම තරගාවලිය 2021 අප්‍රියෙල් 1 සිට අප්‍රේල් 20 දක්වා පැවති අතර එහිදී කැවිලි සහ ආහාර පාන 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී තරගයට සහභාගීවන්නන්ට පැල්වත්ත ෆේස් බුක් පිටුවෙහි ටයිම් ලයින් එකෙහි සිය කෑම වට්ටෝරු ප්‍රදර්ශනය කිරීමට සහ මැසෙන්ජර් හරහා සෘජුවම යොමු කිරීමටත් පැල්වත්ත ෆේස් බුක් පිටුව මෙන්ෂන් කිරීමෙන් හා හැෂ් ටැග් භාවිත කරමින් සහභාගී වීමේ අවස්ථාව සලසා තිබුණි.

Comments