තිස්ස නාගො­ඩ­වි­තාන චිත්‍ර­පට එක­තුව Mobile App ඔස්සේ | සිළුමිණ

තිස්ස නාගො­ඩ­වි­තාන චිත්‍ර­පට එක­තුව Mobile App ඔස්සේ

දුරකථන සේවා සමාගම් වෙනුවෙන් අගය එකතුකළ සේවාවන් පිරිනැමීමේ ප්‍රමුඛයා වන Evoke International සමාගම, චිත්‍රපට සංරක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන තිස්ස නාගොඩ විතාන මහතා සතුව පැවති චිත්‍රපට එකතුවේ ජංගම බලපත්‍ර හිමිකම් (Mobile Licensing Rights) ලබාගෙන තිබේ. දශක ගණනාවක් පුරා නිර්මාණය වූ චිත්‍රපට රාශියක් මෙම එකතුවට ඇතුළත් වී ඇත. මින් ඉදිරියට මෙම චිත්‍රපට, දකුණු ආසියාවේ ජනප්‍රියම streaming සේවාව ලෙස සැලකෙන Hungama Play Mobile App ඔස්සේ නැරඹිය හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Evoke International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ලහිරු වික්‍රමසිංහ මහතා මෙසේ පැවසී ය.

“දේශීය සමාගමක් ලෙස, විශේෂයෙන්ම සිංහල චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඇතුළත් මෙවැනි සුවිශේෂී චිත්‍රපට එකතුවක හිමිකම් ලබාගැනීමට මෙන්ම එම චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් ආඩම්බර වනවා. මේ වැඩසටහන ඔස්සේ දේශීය සිනමාව සම්බන්ධයෙන් තරුණ පරපුර තුළ ඇති උනන්දුව තවදුරටත් වර්ධනය වනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.”

Comments