ලංකා ටයිල්ස් වෙතින් රාගම රෝහ­ලට ventilator යන්ත්‍ර­යක් | සිළුමිණ

ලංකා ටයිල්ස් වෙතින් රාගම රෝහ­ලට ventilator යන්ත්‍ර­යක්

ශ්‍රී ලංකාවේ ටයිල් නිෂ්පාදනයේ ප්‍රමුඛ‍ෙයකු වන ලංකා ටයිල්ස් සමාගම රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ හෘද රෝග ඒකකයට උසස් තත්ත්වයේ ventilator යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පියවර ගත්තේය.

රුපියල් මිලියන 4.3ක වටිනාකමකින් යුත් Hamilton C3 වර්ගයේ මෙම යන්ත්‍රය සියලුම රෝගීන් සඳහා ඉහළම තලයේ ප්‍රතිකාරයක් ලබා දෙනු ඇත. ventilator යන්ත්‍රය රෝහලට ලබා දීමේ අවස්ථාවට ලංකා වෝල්ටයිල්ස් සහ ලංකා ටයිල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. පී. ඒ. ලියනගේ රණවීර, රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සංජීව රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වූහ. කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිදු කරන කැපවීම මෙහිදී ඇගැයුමට ලක්විය.

Comments