ළමා සම්මාන ප්‍රදාන­යක් බොරැල්ල රත්නා­වලී බාලිකා විද්‍යා­ලයේ දී ..... | සිළුමිණ

ළමා සම්මාන ප්‍රදාන­යක් බොරැල්ල රත්නා­වලී බාලිකා විද්‍යා­ලයේ දී .....

ධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්තගේ ප්‍රධානත්වයෙන් ළමා සම්මාන ප්‍රදානයක් බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙහි දී කොළඹ ළමා පොත් සංගමයේ යුනෙස්කෝ ව්‍යාපෘතිය සංවිධානය කරන ලද ජාත්‍යන්තර සිතිජය තරගයේ ජයග්‍රහකයන්ට රන් පදක්කම් පිරිනමන ලදී. එහිදී ඇමතිතුමන් ජයග්‍රාහි දරුවන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, කොළඹ ළමා පොත් සංගමයේ යුනෙස්කෝ ව්‍යාපෘතියේ සභාපති ධම්මදේශ අම්බලම්පිටිය ද මෙහි වෙති.

Comments