පාසල් නැවත විවෘත කිරීම දෙසතියකින් කල් යන ලකුණු | සිළුමිණ

පාසල් නැවත විවෘත කිරීම දෙසතියකින් කල් යන ලකුණු

කොවිඩ් නිසා සතියක කාලයකට වසා දැමුණු පාසල් ආරම්භ කිරීම තව දෙසතියකින් කල් යනු ඇතැයි කියති. මේ පිළිබඳ කළ විමසීමකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණ ට ප්‍රකාශ කෙළේ රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව පාසල් යළි විවෘත කිරීම දෙසතියකින් එනම් ලබන 17 වැනිදා දක්වා කල් දැමීමට ඉඩකඩ ඇති බවයි.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා වන විට ලැබී තිබූ දත්ත අනුව රට පුරා පාසල් සිසුන් 561ක්ද විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 134කටද කොවිඩ් රෝගය වැලඳී ඇති බව වාර්තා විය. සිසුන් අතුරින් 232ක් බස්නාහිර පළාතේ පාසල් සිසුන් වේ.

පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පවසන පරිදි පාසල් කාල සටහනට සමගාමීව උදැසන 7-1.30 දක්වා සිසුන්ට හිරිහැරයක් නොවන ආකාරයෙන් දුරස්ථ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවය. එසේම උඩරට සේවය, කදුරට සේවය, ගුරුගෙදර මෙන්ම ඊ තක්සලාව හරහාද සිසුන්ට අධ්‍යාපන කටයුතු විධිමත් කිරීමට බලධාරීන් කටයුතු යොදා ඇත.

Comments