දෙවෙනි මාත්‍රාව 30,000කට දීලා | සිළුමිණ

දෙවෙනි මාත්‍රාව 30,000කට දීලා

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ් රෝගීන් සමඟ ඍජුවම ගැටෙන සෞඛ්‍ය සේවාවන්හි පිරිස් මුල්කොට එන්නත්හි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 30 සිට 29,919 දෙනෙකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කෙළේය.

කොවිෂීල්ඩ් දෙවැනි මාත්‍රාවට අමතරව පසුගිය දින දෙක තුළදී සංවර්ධන කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන්ටද සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 2435 දෙනෙකුට ලබාදුන් බවද හෙතෙම කීවේය.

පසුගිය ජනවාරි 29 වැනිදා ඇරැඹි එන්නත්කරණය යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව අප්‍රේල් 11 වැනිදා වෙද්දී 925,242 දෙනෙකුට ලබා දී ඇත.

Comments