දුර සේවා දුම්රිය 16ක් නවතා දමයි | සිළුමිණ

දුර සේවා දුම්රිය 16ක් නවතා දමයි

කොවිඩ් 19 පැතිරයාම හමුවේ මඟී ජනතාවගේ ගමන් වාර සීමා වීම හා සංචරණ සීමා කිරීම වෙනුවෙන් නගරාන්තර ශීඝ්‍රගාමී හා දුර සේවා දුම්රිය 16ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ සිළුමිණට කීය.

ඒ අනුව කොළඹ බදුල්ල අතර ධාවනය වන උඩරට මැණිකේ හා දෙනුවර මැණිකේ දුම්රියයන්ද කොළඹ හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන උත්තර දේවි, ශ්‍රී දේවි හා ගල්කිස්ස කන්කසන්තුරේ අතර ධාවනය වන නගරාන්තර දුම්රිය 6ක් හා කොළඹ බෙලිඅත්ත අතර ධාවනය කෙරෙන දක්ෂිණ හා

පොළොන්නරුව හා කොළඹ අතර ධාවනය කෙරෙන පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියයන් හා කොළඹ මහනුවර අතර උදෑසන හා මහනුවර කොළඹ සවස ධාවනය කෙරෙන නගරාන්තර දුම්රියයන්ද නවතා දමා ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීවේය. කෙසේ වුවත් සියලු කාර්යාල දුම්රිය සේවා නිසි ලෙසින් පවත්වාගෙන යන බවද ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම බස් රථ සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ නිසි ලෙසින් පවත්වාගෙන යාමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය. සෞඛ්‍යාරක්ෂිතව මඟී ප්‍රවාහන කටයුතු කළ යුතු හෙයින් උපරිම බස් සේවා පවත්වාගෙන යන බවද එම නිලධාරියා කීවේය.

Comments