ජගත් කම්කරු දිනට ජනපති - අගමැති සුබ පතති | සිළුමිණ

ජගත් කම්කරු දිනට ජනපති - අගමැති සුබ පතති

කොවිඩ් 19 වසංගතයට ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බවද එබැවින් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාළ වන සීමා පැනවීම් නොකර ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙනයාමට රජය නිරතුරුව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පවසයි.

කම්කරු ප්‍රජාවගේ සුබසාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල්, කාර්මික ආරවුල් සහ වන්දි ආඥා වැනි පනත් ගණනාවක් යාවත්කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරැකීමට රජයට හැකි වූ බව

අගමැති මහින්ද රාජපක්ෂයන් ප්‍රකාශ කරයි. ජනාධිපති සහ අගමැතිවරයා ඉහත ප්‍රකාශයන් සිදු කර ඇත්තේ මෙවර මැයි දිනය වෙනුවෙන් නිකුත් කරන ලද සිය මැයි දින පණිවිඩ මඟිනි. මෙහි ජනාධිපතිවරයාගේ පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ජාතික ආරක්ෂාවත් ස්වෛරීභාවයත් ආරක්ෂා කර ගනිමින්ද අපේ උරුමයන්ට සහ දේශීයත්වයට කිසිම හානියක් නොවන පරිද්දෙන්ද රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස දෙවන වරටත් මැයි සැමරුම් සහ පෙළපාළි පැවැත්වීමට ජනතාවට අහිමි වුවද කම්කරු ජනතාවගේ අධිෂ්ඨානය කැපවීම සහ අරගලය ශක්තිමත් බවද ජනාධිපතිවරයාගේ මැයි දින පණිවිඩයේ සඳහන්ය.

Comments