කොළඹ වරාය කෙටුම්පත 5 වැනිදා විවාදයට | සිළුමිණ

කොළඹ වරාය කෙටුම්පත 5 වැනිදා විවාදයට

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 දිනවලදී පමණක් පැවැත්වෙන අතර එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසයි..

එමෙන්ම විපක්ෂය කළ යෝජනාවකට අනුව කෝවිඩ් 19 අභියෝගය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් ලබන මැයි 04 වනදා පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටද එහිදී තීරණය වූ බව දසනායක සඳහන් කළේය.

Comments