කරුණාභාරයෙන් ඇසේ සුද ඉවත් කිරීමේ පින්කම් | සිළුමිණ

කරුණාභාරයෙන් ඇසේ සුද ඉවත් කිරීමේ පින්කම්

වෙසක් දිනය නිමිත්තෙන් කරුණා භාරය මඟින් රෝගීන් 500 දෙනෙකුගේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඇස් රෝගීන් අනුරාධපුරය, කෑගල්ල, රත්නපුරය, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් තෝරා ගෙන ඇත. වෙසක් මස අඟහරුවාදා සහ සෙනසුරාදා දිනයන්හි මෙම සැත්කම් මාලාව පැවැත්වේ. පැවිදි හෝ පූජක පක්ෂයට විශේෂ පහසුකම් සලසා ඇති අතර 0702807400 දුරකතනය අමතා වැඩි විස්තර ලබාගත හැකිය. අදාළ 500 දෙනාගෙන් 150 දෙනෙකු දමිළ වතු කම්කරුවන්ගෙන් සමන්විතය.

කරුණාරත්න පුත්‍රයෝ මුද්‍රණ ආයතනයේ සභාපති කරුණා භාරයේ ප්‍රධාන භාරකරු මහින්ද කරුණාරත්නගේ මූලික දායකත්වයෙන් මෙම කටයුතු සිදු කැරේ.

Comments