ජගත් මිහිතල දිනය අදයි | සිළුමිණ

ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ජගත් මිහිතල දිනයේ ප්‍රධාන තේමාව වන්නේ පෘථිවිය යථා තත්ත්වයට පත් කරමු (Restore our Earth) යන්නයි. මෙහිදී අපේ සමස්ත පෘථිවි තලයටම බරපතළ හානියක් කරන ප්ලාස්ටික් හා පොලිතින්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අවධානය යොමු වී තිබේ.

ජගත් මිහිතල දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යාංශය වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති අතර, එම අමාත්‍යාංශය සහ කොළඹ නගර සභාව එක්ව රුක් රෝපණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. මෙහි සමාරම්භක අවස්ථාව අද (22) පෙරවරු 8. 00ට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සහභාගිත්වයෙන් එම ආයතන පරිශ්‍රයේදී කුඹුක් පැළ සහ මී පැළ බෙදා දීම සිදු කෙරේ. මේ පැළ කොළඹ නගරයේ රෝපණය කිරීමට නියමිතය. එමෙන්ම කොළඹ ඇල්විටිගල නිවාස සංකීර්ණයේදී ජගත් මිහිතල දිනය නිමිති කර ගෙන අද (22) පෙරවරු 10. 00ට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අතින් පැළ වර්ග බෙදා දීමට නියමිතය. බස්නාහිර පළා‍ත් සභාවේ කාර්යාල සඳහා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැමීමට බහාලුම් බෙදා දීමද අද (22) පස්වරු 2. 00ට පරිසර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

Comments