රාණි සඳුන් වාසනා වරමේ ජයග්‍රාහකයන් අගයයි | සිළුමිණ

රාණි සඳුන් වාසනා වරමේ ජයග්‍රාහකයන් අගයයි

 

ස්වදේශී කර්මාන්තායතනය, විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් ඇගයීමේ අරමුණින් දියත් කළ රාණි සඳුන් වාසනා වරම ප්‍රවර්ධන වැඩසටහනෙහි රන්මාල දිනාගත් ජයග්‍රාහකයන් මෑතක දී ප්‍රකාශයට පත් කර කෙරුණි.

යූ. මාරියන් ප්‍රනාන්දු (මාරවිල), ඩබ්.ඩී සමරකෝන් (අනුරාධපුර), නදීෂා දීප්ති ජයතිලක (මැල්සිරිපුර), එච්. පුෂ්පා මාලනී (මැදිරිගිරිය), රෂ්මි මදුෂාලි (වැලිපැන්න), ටී.ඩී. මාලනී ප්‍රියන්තිකා (අම්පාර) යන ජයග්‍රාහකයන් සය දෙනා වෙත කැරට් 22 රන් මාල ප්‍රදානය කරන ලදි. පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන් හි දී ක්‍රියාත්මක වූ රාණි සඳුන් වාසනා වරම වෙත විශාල ලෙස ප්‍රතිචාර හිමිව තිබූ අතර කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදි. රන් මාල ප්‍රදානය හැරුණු විට, සති 06ක ප්‍රවර්ධන කාලය තුළ රෙදි සෝදන යන්ත්‍ර 06ක්, මයික්‍රොවේව් උඳුන් 06ක්, ගෑස් උඳුන් 06ක් සහ රාණි තෑගි පාර්සල් 84ක් ද ලෙසින් තෑගි පිට තෑගි ප්‍රදානය කරන ලදි.

Comments