බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ | සිළුමිණ

බිග් බැඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය නැවත වරක් ඔන්ලයින් මඟින් පැවැත්වේ

 

වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් අතරට පැමි‍ණෙන ඔවුන්ගේ ප්‍රියතම වෘකයා වන බිග් බැඩ් වුල්ෆ් දෙවන වරටත් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් ඔවුන්ගේ පස්වන ලංකාගමනය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත පැමිණීමට නියමිතය.

බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණීමට ඉතාමත් සුළු කාලයක් පවතින අතර මෙවර ඔවුන්ගේ පොත් ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ඒමට ඔවුන් සැදී පැහැදී සිටි. 2021 මැයි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර මෙවරද අති උත්කර්ශවත් අන්දමින් සහනදායී මිලට පොත් මිලදී ගැනීමේ හැකියාව පොත් ලෝලීන්ට ලබාදීමට නියමිතය.

පුරා වසර දෙකක් පුරාවටම පොත් ප්‍රදර්ශනය ඔන්ලයින් ආකාරයෙන් පැවැත්වීමට හේතුව වුයේ ලංකාවාසී පොත් ලෝලීන්ට ආරක්ෂිතව සහ සුවපහසු අන්දමින් පොත් ප්‍රදර්ශනය රසවිදීමට ඉඩ සැලසීමත්, ඒ අතරම ජාත්‍යන්තර සංචාරක නීති සහ සීමාවන් තවමත් කොවිඩ් තත්වයට පෙර පැවති ආකාරයට සකස් වී නොමැති වීමත්ය.එසේම ගිය වසරේ පැවති පොත් ප්‍රදර්ශනය තුළින් අවධාරණය වූ කරුණක් වුයේ ලංකාවාසී පොත් ලෝලීන් බිග් බෑඩ් වුල්ෆ්ව ඔන්ලයින් ස්වරුපයෙන් මුණ ගැසීමට වඩාත් කැමැත්තක් දක්වන බවයි.

Comments