ප්‍රයිම් සමූහය වෙතින් 'The Palace Gampaha' සුඛෝපභෝගී නිවාස විවෘතයි | සිළුමිණ

ප්‍රයිම් සමූහය වෙතින් 'The Palace Gampaha' සුඛෝපභෝගී නිවාස විවෘතයි

 

දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප්‍රයිම් සමූහය සිය සුපිරි නිවාස ව්‍යාපෘතීන් අතරින් නවමු සංකල්පයක් සමඟ 'The Palace Gampaha'පසුගියදා ආරම්භ කරන ලදි.

පුළුල් පරාසයක විහිද සිටින විවිධත්වයෙන් යුතු සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීමට, ප්‍රයිම් සමූහය සුඛෝපභෝගී නාගරික ජීවිතය සඳහා අවශ්‍ය සියලූ පහසුකම්වලින් සමන්විතව ගම්පහ නගරයට සමීපව මෙම සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය ඉදිකරනු ඇත.

'The Palace Gampaha' සුඛෝපභෝගී සහධිත්‍ය (Condominium) නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් පරිශ්‍රය අක්කර 13කට වැඩි වපසරියක් පුරාවට දිවයන අතර නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් තරම් ආසන්නයෙහි මෙම නිවාස සංකීර්ණය ඉදිවනු ඇත.

ගම්පහ නගරයට කිලෝමීටර් 2ක් තරම් සමීපයෙහි පිහිටි බැවින් ගම්පහ නගරයෙහි පිහිටි සියලූ ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු සංකීර්ණ, අධ්‍යාපන ආයතන, සිනමාශාලා සහ විනෝද මධ්‍යස්ථානයන්, වැනි පොදු ස්ථානයන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව ඇත.

Comments