එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලාවට සම්මාන ත්‍රිත්වයක් | සිළුමිණ

එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලාවට සම්මාන ත්‍රිත්වයක්

 

තිස් පස් වසරක කීර්තිමත් ඉතිහාසයක් ඇති එවර්ග්‍රීන් තේ කර්මාන්තශාලාව දකුණු පළාත් ව්‍යවසායකත්ව විශිෂ්ටතා - 2020 සම්මාන උළෙලේදී දකුණු පළාතේ විශිෂ්ටතම ව්‍යාපාරය, හොඳම අපනයන ව්‍යාපාරය සහ මහා පරිමාණ කර්මාන්ත/නිෂ්පාදන අංශයේ හොඳම සමාගම යන අගනා සම්මාන ත්‍රිත්වය දිනා ගත්තේය.

ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලවල සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් එවර්ග්‍රීන් සමූහයේ සභාපති දේශ බන්ධු, දේශ ශක්ති අරුණ ද සිල්වා මහතා සම්මාන ලබා ගත්තේය. ඉන්දික නල්ලපෙරුම සහ ෂෙනාල් ද සිල්වා යන අධ්‍යක්ෂවරුන් හා සාමාන්‍යධිකාරී ලසන්ත අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම එවර්ග්‍රීන් සමූහයේ සාර්ථකත්වයට බෙහෙවින් දායක විය.

Comments