‘අපේ අහ කොහේද ලිලී මල්’ 24 දා ජන­ගත වේ | සිළුමිණ

‘අපේ අහ කොහේද ලිලී මල්’ 24 දා ජන­ගත වේ

‘අපේ අහ කොහේද ලිලී මල්’ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොතයි. අජානාගේ මේ කාව්‍යාවලියෙන් බොහෝ ඇත්තේ ප්‍රේම කවිය.

ඇයගේ අදහස අනුව කවිය යනු අකුරු පේළි නෙවෙන අතර, කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලටය'.

ෆේස්බුක් නම් නව මාධ්‍ය නිසා අද කවියන් කිවිඳියන් සමාජයේ සුලබ වුවත් ඒ සුලබ කවියන් කිවිඳියන් අතර අජානාගේ කවීත්වය දුලබය. 'අපේ අහ කොහේද ලිලී මල්' කවි සංග්‍රහය අප්‍රේල් 24 වැනි දා සවස 4ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඒට්‍රියම් ශාලාවේදී එළිදැක්වීම නියමිත ලේඛිකා සුනේත්‍රා රාජකරුණායක, ප්‍රවීණ ලේඛක සමන් ආතවුදහෙට්ටි සහ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස එහිදී අදහස් දක්වනු ඇත.

Comments