වරාය නගර පන­තින් චීන කොල­නි­යක් බිහි නොවේ | සිළුමිණ

වරාය නගර පන­තින් චීන කොල­නි­යක් බිහි නොවේ

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත රටේ නීතියට සම්පුර්ණයෙන්ම අනූකූල වන පරිදි සකසා ඇති බැවින් ඉන් රටේ ස්වාධිපත්‍යයට කිසිදු හානියක් නොවන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ඒ මහතා රටට අලුත් ආයෝජන ගලා ඒමට   අවශ්‍ය ක්‍රමවේද සකස් කළ යුතුව ඇති බව පෙන්වා දුන්නේය. එබැවින් කොළඹ වරාය නගරය ආශ්‍රිත ආයෝජන සඳහා විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම රටට කිසිසේත් අහිතකර නොවන මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව කීවේය. විදේශ ආයෝජන රැගෙන ආයෝජකයින් මෙරටට පැමිණිමට නම් එවැනි ආයෝජකයින්ට හිතකර පරිසරයක් මෙරට තුළ ස්ථාපිත විය යුතු බවද අමාත්‍යවරයා කීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මඟින් සෘජු රැකියා අවස්ථා 83,000 ක් පමණ නිර්මාණය වන බවද ඔහු අවධාරණය කළේය. විපක්ෂය හා කරුණු හරිහැටි අවබෝධ කර නොගත් ඇතැම් පාර්ශව චෝදනා කරන පරිදි වරාය නගර ව්‍යාපෘතිය තුළින් වෙළෙඳපොළ මෙරට කිසිසේත් චීන කොළනියක් නොවන බවද පැවැසු අමාත්‍යවරයා කොළඹ වරාය නගරය සම්පූර්ණයෙන්ම මෙරටට අයත් භූමියක් බවද සඳහන් කළේය.

Comments