අමෙරිකාවේ දීර්ඝතම යුද ක්‍රියාන්විතය අවසන් | සිළුමිණ

අමෙරිකාවේ දීර්ඝතම යුද ක්‍රියාන්විතය අවසන්

අමෙරිකාවේ දීර්ඝතම විදෙස් යුද ක්‍රියාන්විතයවන ඇෆ්ගනිස්ථාන මෙහෙයුම අවසන් කරන බව අමෙරිකා ජනාධිපති ජෝ බියිඩන් නිල වශයෙන් නිවේදනය කරයි. 
 
සැප්තැම්බර් මාසයට පෙර ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් ඉවත් කර ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
ජනාධිපතිවරයා, ධවල මන්දිරයේ සිට ඇෆ්ගන් යුද මෙහෙයුම් අවසන් කිරීමේ නිවේදනය ඊයේ නිකුත් කළේය. 
 
2011 වසරේ දී එවකට සිටි ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, ඇෆ්ගන් යුද මෙහෙයුම ඇරඹීම සදහා අණ දුන්නේද එම ස්ථානයේ සිට වීම විශේෂත්වයකි.
 
2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් අමෙරිකාවට එල්ල කරන ලද 9 යි 11 ප්‍රහාරයෙන් පසු, අමෙරිකාවේ හමුදා බල ඇණි ඇෆ්ගනිස්ථානයට අනියුක්ත කිරීමට පියවර ගැනුණි.
 
අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද ජෝ බයිඩ්න් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
 

Comments