සර්ව කාල­ය­ටම ගැළ­පෙන සිංහල අලුත් අවු­රුද්ද | සිළුමිණ

සර්ව කාල­ය­ටම ගැළ­පෙන සිංහල අලුත් අවු­රුද්ද

කිසි­යම් රටක සංස්කෘ­ති­යක ඉතා වැද­ගත් අංග­යක් ලෙස චර්යා­ධර්ම හැඳි­න්විය හැකියි. මේ චර්යා ධර්ම යනු කුමක්ද යන්න පැහැ­දිලි කළ­හොත්, එනම් හැසි­රෙන ආකා­ර­යයි. එහිදි ඒ චර්යා ධර්ම­යන් අනුව යම් සම්ප්‍ර­දා­යක් තුළ යම් දේ කළ යුතුයි සහ යම් දෙයක් නොකළ යුතුයි යනු­වෙන් වේ. මේවා අපි හඳු­න්ව­නුයේ චාරිත්‍ර වාරිත්‍ර ලෙසයි. එසේ නොමැති නම් සිරිත් විරිත් යනු­වෙනි. යම් කිසි සාර­ධ­ර්ම­යක් ක්‍රියා­වට නැංවීම කරනු ලබන දේ චාරි­ත්‍රය වෙයි. ඒ ගුණ­ධ­ර්ම­යෙ­හිම නොක­රන දෙය වාරි­ත්‍රය නම් වෙයි. ඒ කරන දේ අපිට ඇසට පෙනෙන අතර වාරි­ත්‍රය නීලීන එනම් ඇසට නොපෙ­නෙන කෘත්‍ය­යයි.

අපේ සංස්කෘ­තිය හා බැඳි පව­තිනු ලබන මේ චාරිත්‍ර සහ වාරිත්‍ර එකම අර්ථ­යෙන් එකම ක්‍රියා­වක් ලෙස බොහෝ දෙනා එකම අර්ථ­යේ­හිලා සල­කයි. එහෙත් බොහෝ දෙනකු වාරිත්‍ර පිළි­බ­ඳව හරි­යා­කා­ර­යෙන් දැනු­ම්වත් වී නැති බව පෙනෙයි. වාරි­ත්‍රයේ පව­ති­න්නේද චාරි­ත්‍ර­යෙහි අපේ­ක්ෂිත නොපෙ­නෙන යථා­ර්ථ­යකි. එනම් යම් ගුණ ධර්ම­යකි. සිංහල අවු­රුදු චාරිත්‍ර පිළි­බඳ කතා කිරී­මට පෙර අපි චාරි­ත්‍ර­වා­රිත්‍ර පිළි­බඳ සරල උදා­හ­ර­ණ­ය­කින් පැහැ­දිලි කර­ගත යුතුය. එනම්, උදා­හ­රණ ලෙස අප බෞද්ධ­යන් ලෙස ගරු­තර මහා සංඝ­ර­ත්න­යට ගරු කරනු ලබයි. ස්වාමීන් වහන්සේ නිවෙ­සට වැඩම කරන විට නිවෙසේ ආස­න­යක් පන­වන්නේ සුදු රෙදි­ක­ඩක් සහි­ත­වය. එය චාරි­ත්‍ර­යක් වන අතර ඒ ස්වාමී­න්ව­හ­න්සේට අපගේ ගෞර­වය පුද කිරී­මට සිදු­ක­ර­න්නකි. ගම්වල මෙය ඉතා හොඳ සිරි­තක් ලෙස තව­මත් සිදු වෙයි. නමුත් අපි මේ චාරි­ත්‍ර­යත් සමඟ නොක­රන තව දෙයක් වෙයි. එනම් හාමු­දු­රු­වන් සමඟ එක් අසු­නක සම­ස­මව අසුන් නොගැ­නී­මය. එය වාරි­ත්‍ර­යයි.

එමෙන් සිංහල හින්දු අලුත් අවු­රුදු චාරිත්‍ර වාරිත්‍ර පිළි­බ­ඳව සාකච්ජා කිරී­මේදී අපේ සංස්කෘ­තිය හා බැඳුණු චාරි­ත්‍ර­වා­රිත්‍ර වෙයි. එහි­දීද සිංහල හා හින්දු අවු­රුදු චාරි­ත්‍ර­ව­ලත් සිරිත් විරිත් යනු­වෙන් දෙකො­ට­සක් වෙයි. එය කරන සහ නොක­රන ලෙස හැඳි­න්විය හැකියි. නොයෙක් හැඩ­තල අනුව එදා සිට අද දක්වා සිරිත් විරිත්, චාරි­ත්‍ර­වා­රිත්‍ර පවත්වා ගෙන එයි. චාරි­ත්‍රා­නු­කූ­ලව ගත­හොත් නොන­ග­ත­යේදී කළ නොහැකි කිහි­ප­යක් ක්‍රියා වෙයි. එනම් විරිත් කිහි­ප­යක් වෙයි. නොන­ග­ත­යේදී ගිනි දැල් විය නොහැ­කිය. මුළු­තැ­න්ගෙය අලුත් අවු­රුද්දේ අලු­ත්වැ­ඩියා කර හුනු පිළි­යම් කර නිව­සට අලුත් ගින්ද­රක් දැල්වීම සිදු කරනු ලබයි. නමුත් නොන­ග­තයේ ලිප ගිනි නොදැ­ල්වීම විරි­තකි. නොන­ග­ත­යේදී ජලය සමඟ ද ගනු­දෙනු ද නොක­රයි. ඒ අව­ස්ථා­වේදී කිසි­වෙ­කුත් ළිඳට නොයයි. කලින් ජලය රැස් කර ගනී.

ඒ අව­ස්ථා­වේදි සියලු දෙනාම රැස්වී පවුලේ සියලු දෙනා එකතු වී පන්ස­ලට යනු ලබයි. නොන­ග­ත­යට පන්ස­ලට ගොස් යම් පුණ්‍ය­කර්ම කළ හැකියි. සුබ නැකත ලැබුව පසු අඟුරු, සුදු මල් දමා ළිඳ පවිත්‍ර කර ළිඳ සමඟ ගනු­දෙනු කරයි. කෘෂි කාර්මික ආර්ථික රටා­ව­කට හුරුවී සිටින ජන­තාව නැක­තට කුඹු­රට හේනට යෑම සිදු­කර ඇත. අලුත් හැළියක අලුත් ලිපක අලුත් ජල­යෙන් අලුත් සහ­ලින් අලුත් ගින්න­කින් අලුත් කිරි­ව­ලින් ලිප ගිනි මෙළ­වීම කරයි. වස­රක් ගෙවී නව වස­රක උදා­වත් සමඟ ජන­තා­වගේ මනස යළිත් පුබු­දු­වා­ලී­මට නව ආකා­ර­යෙන් සිතී­මක් මෙහිදී සිදු වෙයි.

දරු­වන්ට නොන­ග­ත­යේදී සාම්ප්‍රා­යික සංස්කෘතිය හා බැඳුණු ක්‍රිඩා­ව­න්වල නිරත විය හැකිය. පංච දැමීම, ඔළිඳ කෙළිය, මේවර කෙළිය, දාදු­කෙළිය වැනි ක්‍රීඩා­වල නිරත වෙයි. අවු­රුදු ක්‍රීඩා අනි­වා­ර්යෙන්ම සිංහල අවු­රු­ද්දට කළ යුතු සිරි­තකි. එයට හේතුව නොන­ග­ත­යේදී වැඩ කිරී­මට නොහැකි නිසාය; වැඩ නොකි­රීම විරි­තකි. එමෙන්ම සෙල්ලම් කිරී­මෙන් සහ­යෝ­ගි­තාව වර්ධ­නය වෙයි. අද වන විට මේ සංකීර්ණ සමාජ වට­පි­ටාව තුළ මේ දේවල් ප්‍රායෝ­ගි­කව කළ නොහැකි බව ඇතැ­මුන්ගේ අද­හ­සයි. එහෙත් සම්ප්‍ර­දාය සමඟ බැඳුණු මේ දේ කළ යුතුය. ලිප් බැඳ ගිනි මොළවා යනු­වෙන් මේ චාරිත්‍ර වෙයි. නැවත ලිප ප්‍රති­සං­ස්ක­ර­ණය කර ගිනි මෙළ­විය යුතුය.

එය අදට ගැළ­පෙන ආකා­ර­යෙන් වෙනස් කළ හැකිය. එනම් එහි අද­හස ආහාර පිසින තැන සුද්ද පවිත්‍ර කිරී­මයි. එදා අතී­තයේ මේ ලිප ගිනි මෙළ­වීම සිදු කරනු ලැබුවේ පිසින ගෙය තුළයි. ලිප මෙළ­වීම සිදු­ක­රනු ලැබූයේ ලිප් ගල් තුනක් මතයි. ගොම මැටි ගා පවිත්‍ර කර­ගන්නා ලිපේ අළු ආදී සියලු දේ ඉවත් කර නැවත නව වස­ර­කට සුදා­න­මක් එයින් ඇඟවේ. ළිඳ සමඟ ගනු­දෙනු කිරීම යනු­වෙන් සඳ­හන් වුවත් අද බොහෝ විට ළිඳක් නාග­රික සමා­ජ­වල දක්නට නැත. නමුත් මෙයින් අද­හස් කර­නු­යේද ජල­යට ගරු කිරී­මයි. වස­රක් පුරාම ජලය සප­යන ළිඳට ගරු කර­න්නයි මෙහිදි ඉගැ­න්වී­මක් වෙයි. ළිඳට නිද­හ­සක්, විවේ­ක­යක් දීම එහි අද­හ­සයි. ජලය යනු අපේ ජිවි­ත­යට නැතු­වම බැරි දෙයක් බැවින් එයට ගරු කළ යුතුය. මේ සම­හර චාරි­ත්‍ර­වා­රිත්‍ර වාච්‍ය­ර්ථ­යෙන් මතු­පි­ටින් ගැනී­මට නොහැකි වෙයි. නැක­තට වැඩ ඇල්ලීම සම්බ­න්ධ­යෙන් ඇත්තේද එවැනි දෙයකි. මුළු රටක්ම එක මොහො­ත­කදී වැඩ කිරීම තුළ සම­ගිය, සහ­යෝ­ගය, සුහ­ද­තාව වර්ධ­නය කර­ගැ­නීමේ හැකි­යාව ඇති­වනු ඇත.

නැකත යනු හොඳ වේලාව යන්නයි. නව වසර සඳහා ලිප ගිනි මොළ­වන තෙක් නොන­ග­ත­යයි. මේ කාලය තුළ නැක­තත් නොමැති බව පැරණි ජනයා විශ්වාස කළහ. ඒ කාලය තුළ සිය­ල්ලෝම සියලු වැඩ නවතා විහා­ර­ස්ථා­න­යට ගොස් ආග­මික වතා­ව­ත්වල නිරත වෙති.

ලිප ගිනි මොළ­වන නැකත උදා­වත්ම නැවත නිවෙසේ වැඩ ඇල්ලීම ආරම්භ වී ක්‍රියා­ශීලී වෙයි. අලු­තින් බැඳි ලිප මත අලුත් හැළි­යක අලුත් සහ­ලින් කිරි බතක් පිසී­මට සැම නිවෙ­ස­කම මව කට­යුතු කරයි. පළ­මුව අනු­භව කරන ආහා­ර­වේ­ලට කිරි­බත්, කැවුම්, කෙසෙල් නොව­රදී. මේස­යට සුදු රෙද්දක් එළා ඒ මත අහාර තබා පොල් තෙල් පහ­නක් තැබීම සිරි­තකි. සිය­ල්ලෝම එකම නැක­ත­කට ආහාර අනු­භව කරති. එයින් පවුලේ සහ­ජී­ව­නය සම­ගිය උදා­වෙයි. වැඩ ඇල්ලීම හා ගනු­දෙනු කිරීම සිරි­තකි. කෘෂි­කා­ර්මික ක්‍රම­වේ­ද­යක් ඇති පැරු­න්නෝ උදැල්ල ගෙන නැක­තට වැඩ කරති; පැළ­යක් හෝ සිටු­වයි. ගෘහ­ණිය ද චාරි­ත්‍රා­නු­කූ­ලව වැඩ ඇල්ලීම කරයි. ළම­යින් පාසල් පොත්වල වැඩ කට­යු­තු­වල නිරත වෙයි.

හිස තෙල් ගෑමේ චාරි­ත්‍ර­යේදී අවු­රු­ද්දෙන් පසුව සිදු­වන අතර ඖෂධ ගුණ ඇති කොළ වර්ග­ව­ලින් සෑදු තෙල් ගල්වා සියලු දෙනා නැක­තට ස්නානය කරයි. එදා නැක­තට ස්නාන­යට නාන කාමර නොති­බුණ අතර එකල බෙහෙත් තෙල් ගල්වා සියලු දෙනා ළිඳ ළඟ රැස්වී නැක­තට ස්නානය කරයි. පසු­ගිය වසරේ ඇතිවූ යම් යම් ගැටලු, නොහොඳ නෝක්කාඩු විසඳා ගැනී­මට හොඳම කාලය මෙයයි. සුහද හමු­වී­මක් එහිදී වෙයි.

අලුත් අවු­රුද්ද සමයේ තම දරු පවු­ලත් සමඟ නෑදෑ හිත­ව­තුන් දැකී­මට ගොස් නෑදෑ හිත­මි­තු­රු­කම් වර්ධ­නය කර­ගැ­නීම, අම­නාප දුරු කර­ගැ­නීම ද සිදු­වෙයි. මෙලෙ­සින් ජාතියේ මහා සංස්කෘ­තික මංගල්‍ය වන සිංහල හින්දු නව අවු­රුද්ද තුළ සාම්ප්‍ර­දා­යික සිරිත් විරිත් සහ උරු­ම­යන් වෙයි. සිංහල ගැමි සමා­ජයේ ආග­මික, සමාජ, සංස්කෘ­තික, සමාජ විශ්වාස සහ ඇද­හිලි, ආග­මික සංකල්ප සමඟ එකට ගැට ගැසී මේ අවු­රුදු සිරිත් විරිත් ගොඩ­නැඟී ඇත.

එදා කැවිලි සෑදීම සිදු කරනු ලැබු­යේද මහ පොළො­වෙන් බිහි­වන ධාන්‍ය­ව­ලිනි. කැවුම්, මුංකැ­වුම් ආදී කැවිලි කිසි­වක් ශරි­ර­යට අහි­ත­කර නොවෙයි. සිරිත් මෙන්ම සාම්ප්‍ර­දා­යික වෙද හෙද­ක­මත් වෙයි. අවු­රුදු කාල­ව­ලදී නාග­රික ජනයා ගම්බිම් බලා යන්නේ අපේ සංස්කෘ­ති­යට තව­මත් ගරු කරන නිසා­වෙනි. එය ඉබේම වාගේ සිදු­වන ක්‍රියා­වකි.

වත්මන් ඇතැම් පිරි­ස්ව­ලට නව වසර උදාවේ නියම අරුත වැටහී නැත. අවු­රු­ද්දක් ගතවී අලුත් අවු­රු­ද්දක් උදා වීම ගැන හැඟී­මක් තිබුණ අප අවු­රුදු සම­රන්නේ ඇයිද යන්න පිළි­බඳ එත­රම් දැනු­ම්වත් වීමක් නැත. කැලැ­න්ඩ­ර­යක කොළ­යක් මාරු­වී­මට වඩා දෙයක් මෙහිදී සිදු වෙයි. කායික වශ­යෙන් අලුත් ඇඳුම්, නිවෙස් අලු­ත්වැ­ඩියා කිරීම, උයන පිහින ස්ථාන සියල්ල නැවුම් වීම තුළ වෙහෙස කර ජන ජීවි­තය නැවත නවී­ක­ර­ණය වීමක් සිදු වේ. පරණ දෑ ඉවත් කිරීම, හිත මිත්‍ර නෑදෑ­යන් අතර අම­නා­ප­කම් දුරුවී සියලු සම්බ­න්ධතා අලුත් වීමක් සිදු වෙයි.

අපේ සිංහල හින්දු චාරිත්‍ර යල් පැන නොයන අතර, අවු­රුදු චාරිත්‍ර යල් පැන ඇතැයි සීති­මට හේතු කාර­ණාව වන්නේ එහි උඩු අරුත එනම් වාච්‍යා­ර්ථය පම­ණක් ගැන්වූ විටයි. එහි යථා­ර්ථය අපි දැන­ගත යුතුයි. සම­ගිය, සහ­ජී­ව­නය, කෙ‌ෙළහි ගුණ සැල­කීම, ගින්න, ජලය, කිරි යන අංග සමඟ අපේ ජීවිත බද්ධ වී පවතී. සාම්ප්‍ර­දා­යික ජීවන රටාව තුළ ජන­තාව නිරෝ­ගි­මත් සහ­ජී­ව­න­යෙන් යුතුව ජීවත් වූ අතර සංකීර්ණ සමාජ වට­පි­ටා­වෙන් මිදී සාම්ප්‍ර­දා­යික අපේ ජිවන රටා­වට නැවත වරක් කැඳවා ගෙන යාමක් වස­රක් පාසා ම සිදු­වෙයි. මෙය අපි සැම­රිය යුතු වන්නේද ඒ හේතු කාරණා මුල් කර­ගෙ­නයි.

පැරණි වෙද­කම් ඥාති මිත්‍ර­කම් නැවත අලු­ත්වැ­ඩියා කර­ගැ­නීම නැවත සමාජ සම්බ­න්ධතා ගොඩ­නැ­ඟී­මට හැකි වීම වැනි දේ මෙන්ම එකම වෙලා­වක, රටම එකම කට­යු­ත්තක යෙදීම තුළ සහ­යෝ­ගි­තාව ගොඩ­නැඟී­මට සහ ජාතික සහජීවනය ඇති කර­ගැ­නී­මක් සිදු වෙයි.

සූර්යා මීන රාශි­යෙන් මේෂ රාශි­යට මාරු වීම එදා සිට අද දක්වා සම­රනු ලබයි. to renew යන කරුණ මෙහි අද­හස වෙයි. මතු­පිට වන වාච්‍ය­ාර්ථයේ ඇති අද­හස නොවෙයි. අද වෙන විට සමාජ ක්‍රමය වෙනස් වුවත් මතු පිටින් ඇති වාච්‍යා­ර්ථ­යෙන් ගෙන අපේ සිරිත් විරිත් සම්බ­න්ධ­යෙන් යථා­ර්ථය වට­හා­ගත යුතුයි. මෙරට නූත­න­යට පම­ණක් නොව බට­හිර රට­ව­ලට පවා අපේ සංස්කෘ­තිය හා බැඳුණු චාරි­ත්‍ර වාරිත්‍ර ඉතා­මත් වැද­ගත් වෙයි. සර්ව­කා­ල­ය­ටම ගළපා ගැනී­මට මේ වස­රක් පාසා වන නැවත අලුත් වීම වැද­ගත් වෙයි.

Comments