පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­කරු ඇල්ලූ පොලිස් මෙහෙ­යුම | සිළුමිණ

පාස්කු ප්‍රහා­රයේ මහ මොළ­කරු ඇල්ලූ පොලිස් මෙහෙ­යුම

වමේ සිට, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම්පත් වික්‍ර­ම­ර­ත්න  සහ උප පොලිස් පරී­ක්ෂ­ක­ වන්නි­නා­ය­ක

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම සැලසුම්කරු ලෙස විමර්ශන වළින් හඳුනාගෙන ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව්ෆර් මව්ලවි නැමැත්තා බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගියදා පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ගතවෙද්දී මේ කිසිවක් නොදැන පොලිස් ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත පාස්කු ප්‍රහාරයෙ ප්‍රධාන සැලසුම්කරු මෙන්ම සහරාන්ගෙ ගුරා දඹුල්ල පොලිස් කූඩුවට වැටෙන්නට වුයේ එම කණ්ඩායමේ තිබුණු විශ්වාසය එකඟතාව නිසාවෙනි.

අද වන විට එදා අත්අඩංගුවට පත් ඔහු ප්‍රධාන මොළකරු බව හඳුනාගෙන අවසන්ය. එහෙත් මෙම තවුහිත් ජමාත් නියම නායකයා බව කියන මවුලවි වරයා පොලීසියට කොටු වූ ආකාරයත් එමෙන්ම එම සිද්ධීන් ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් පිළිබඳ ව කිසිදු ඇගයීමක් සිදු නොවීය. එහෙත් මෙම ප්‍රධාන ගනයේ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවා නම් අද වනවිට මෙරට ආරක්ෂක තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිය. එම නිසා එදින සිදු කළ ක්‍රියාන්විතය අගය කළ යුතුව තිබේ. එම පිරිස රටට ණය නැති පිරිසක් බව කිව යුතුව තිබේ.

මෙරට මහා ඛේදවාචකයක් බඳු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සැලසුම් කළ ප්‍රධාන ගණයේ පුද්ගලයා පණපිටින් අල්ලා නීතියට රැහැන්ට බාරදුන් ක්‍රියාව කිසිවකුත් නොදනිති.

එහි නිලදරුවෝ සහ ඔත්තුකරුවනට ජාතියේ ජාතියේ ප්‍රණාමය එක්විය යුතුය.

එම ක්‍රියාවලිය සිදු වූ ආකාරය පසු විපරමක් කරන්නට වසර දෙකකට පසුව අප සිතු‌ෙව් ඔවුන්ට උපහාරයක් සඳහාය.

එවකට දඹුල්ල මුලස්ථාන පොලිසියේ පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස සේවය කරමින් සිටියේ මේ වන විට ගම්පොල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස සේවය කරන සම්පත් වික්‍රමරත්න ය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රම වික්‍රමරත්නගේ පෞද්ගලික ඔත්තුකරුවකු හරහා මෙම ප්‍රධාන මවුලවි වරයා හා අනෙක් ප්‍රධානියා කොටුකර ගැනීමට ඔහුට හැකි වූයේ පාස්කු ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ගතවෙද්දී වීමද විශේෂත්වයකි.

පාස්කු ප්‍රහාරය එල්ලවී රටම කම්පාවට පත්ව ඇති අවස්ථාවක දිස්ත්‍රික්කයේ ආරක්ෂාව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙදින පස්වරුවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහගේ සහ එවකට මාතලේ නියෝජ්‍ය පොලිස්පති රණවීරගේ ප්‍රධානත්වයෙන් මාතලේ ස්ථානයක පැවැත්වෙමින් තිබිණි.

එම සාකච්ඡාව අතරතුර දී එවකට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක ව සිටී සම්පත් වික්‍රමරත්නගේ පෞද්ගලික ඔත්තුකරුවෙක් ගෙන් ඇමතුමක් ලැබී තිබේ.

එම ඇමතුමෙන් ඔත්තුකරුවා විසින් දැනුම් දී ඇත්තේ කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වූ බස් රථයකින් පස්වරු හතරයි හතළිහට පමණ සැක සහිත පුද්ගලයන් දෙදෙනකු දඹුල්ල නගරයෙන් බැස ත්‍රිරෝද රථයක නැඟී කුරුණෑගල මාර්ගයේ පිහිටි නිවාඩු නිකේතනයකට ගමන් කරමින් සිටින බවත්; එම පුද්ගලයන් දෙදෙනා දැඩි භීතියකින් සහ කලබලකාරී තත්ත්වයෙන් සිටි බවය.

ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාවේ දීම තම පෞද්ගලික ඔත්තුකරුවා කෙරෙහි තිබූ විශ්වාසය අබමල් රේණුවක හානියක් නොවන ආකාරයෙන් සම්පත් වික්‍රමරත්න වහාම ක්‍රියාත්මක වී දඹුල්ල පොලිසියේ එවකට සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු වූ වන්නිනායකට කතා කොට වහාම පොලිස් කණ්ඩායමක් සූදානම් කොට ඔත්තුකරුවා ගේ තොරතුරු අනුව අදාළ නිවාඩු නිකේතනයට පිටත් කර යැවීමට අවශ්‍ය පරිසරය සැලැස්වීය. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා තම ජංගම දුරකථන‌ෙයන් උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධ කරගනිමින් නිතර නිතර ඔත්තුකරුවා හා සම්බන්ධ වෙමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට විය .

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී සම්පත් වික්‍රමරත්නගේ පෞද්ගලික ඔත්තුකරු ද ඒ ආසන්නයේම රැඳී සිටිමින් පොලිසියට මේ සැකකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු ලබා දෙමින් සිටීයහ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් දෙදෙනා මුලින්ම පොලීසියට කියා සිටියේ එක් අයකු තිහාරිය ප්‍රදේශ්යේ ගුරුවරයකු බවත් අනෙක් පුද්ගලයා එම පාසලේම කාර්ය මණ්ඩලයේ අයකු බවය.

කෙසේ වෙතත් ඔවුන්ගේ හැසිරීම් සහ ජංගම දුරකථනයෙන් පරික්ෂා කිරීමේදී දුරකථන දත්ත සියල්ල මකා දමා තිබීම වන්නිනායකට ප්‍රශ්නයක් ගෙන දෙන්නට වීය. පසුව නැවතත් මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නගේ උපදෙස් පැතූ වන්නිනායක නැවත වරක් උපායශීලීව ප්‍රශ්න කරන්නට වූයේ ජංගම දුරකතනය තබාගෙනය.

පසුව මෙම පුද්ගලයන් දෙදෙනා කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි පුද්ගලයන් බව අනාවරණය වීමත් සමඟ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුදිනම බාර කෙරිණි.

ඒ අනුව එදා සිට මේ දක්වා ඔවුන්ගේ අපරාධ රැසක් අනාවරණය කරගැනීමට අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකි වී තිබේ.

පාස්කු ප්‍රහාරයේ වර්තමාන තත්ත්වය සහ තොර තොරතුරු රැසක් මේ දිනවල හෙළි කරමින් සිටින අතරතුර පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සැලසුම්කරු මෙන්ම සහරාන්ගේ ගුරුවරයා බවට පත්ව ඇත්තේ එදින දඹුල්ල පොලිසියේ එවකට මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්නගේ පුද්ගලික ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා බව හෙළිවී තිබේ.

 

Comments