IT Gallery විසින් Hikvision අත්දැ­කීම් මධ්‍ය­ස්ථා­න­යක් ජා-ඇල දී | සිළුමිණ

IT Gallery විසින් Hikvision අත්දැ­කීම් මධ්‍ය­ස්ථා­න­යක් ජා-ඇල දී

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය, අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේ දී විවෘත කරන ලදී.

දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvisionඅත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව, ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදන ගවේෂණය, නිෂ්පාදන මිල දී ගැනීම, නිර්දේශයන් සහ විශේෂඥ උපදෙස් ද සපයමින් ගනුදෙනුකරුවන්ගේ සියලු අවශ්‍යතා සපුරා ලීමට සමත් වේ.

එමෙන්ම එම නව Hikvisionඅත්දැකීම් මධ්‍යස්ථානය මඟින් ස්මාර්ට් සිටි (Smart City) විසඳුම්, ගොඩනැගිලි (Building) විසඳුම්, රිටේල් (Retail) විසඳුම්, බැංකු (Bank) විසඳුම්, ස්මාර්ට් නිවාස (Smart Home) විසඳුම්, දත්ත ගබඩා (Storage) විසඳුම්, ජංගම (Mobile) විසඳුම් සහ ඊට අදාළ ගනුදෙනුකරුවන් සඳහා AI විසඳුම් ද, සීමාවන් ඉක්මවා යන අද්විතීය හා සමකාලීන අත්දැකීමක් ලබා දෙනු ඇත.

Comments