‘ජාතියේ මහා පහ­න්ටැඹ’ ආර්ථික පුන­ර්ජී­ව­න­යට පෙර­මුණ ගනියි | සිළුමිණ

‘ජාතියේ මහා පහ­න්ටැඹ’ ආර්ථික පුන­ර්ජී­ව­න­යට පෙර­මුණ ගනියි

මෙරට බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනයට දායකත්වය සපයන අතරම සිය නොසැලෙන නායකත්ව ස්ථාවරත්වය තහවුරු කරමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කරන ලදී.

“සෞභාග්‍යා” කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් (ගනුදෙනුකරුවන් 18,589 දෙනෙකුට රුපියල් බිලියන 39.1ක් වටිනා ණය ප්‍රමාණයක්)

* රුපියල් බිලියන 589.4 කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික ගෙවීම් අත්හිටුවීමේ සහන

* 2020 වර්ෂය සඳහා මූල්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 23.6ක් වාර්තාකිරීම

* වත්කම්, ණය සහ තැන්පතු රුපියල් ට්‍රිලියන 2ක ඉක්මවූ ශේෂ පත්‍රය

* පෙර වසරට සාපේක්ෂව වත්කම් වර්ධනය 24%ක්, ණය වර්ධනය 28%ක් සහ තැන්පතු වර්ධනය 23%ක් ලෙස ආයතනික වර්ධනයක් සනිටුහන් කිරීම

අභියෝගාත්මක වසරක් වුවද,

ආර්ථික පුනර්ජීවනයට නායකත්වය ලබා දෙමින්,

ශ්‍රී ලංකා මහබැංකුවේ නිවේදනය පරිදි රුපියල් බිලියන 589.4ක් වටිනා ණය සඳහා ගනුදෙනුකරුවන් 258,000කට වැඩි පිරිසකට තාවකාලික ණය සහන කාලයක් ලබාදීමට ලංකා බැංකුව කටයුතු කළ අතර, සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත අංශ, කොවිඩි - 19 පළමු රැල්ල, කොවිඩ් - 19 දෙවන රැල්ල, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපර අංශය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය ලෙස හඳුනාගත් අංශ පහක් යටතේ මෙම ණය සහන ලබාදීම සිදුකෙරිණි. ශ්‍රී ලංකා මහබැංකුව හඳුන්වාදුන් ණය සහන යටතේ ආවරණය නොවූ ගනුදෙනුකරුවන්ට බැංකුවේ ණය සහන ලබාදීම ද සිදුකෙරුණි.

‘සෞභාග්‍යා’ සුවිශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ විශාල ණය ප්‍රමාණයක් ලබා දෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට ලංකා බැංකුව සමත් වූ අතර, එමඟින් ණය, ඉල්ලුම්කරුවන් 18,000කට වැඩි පිරිසකට රුපියල් බිලියන 39.1ක් ඉක්මවූ ණය ප්‍රමාණයක් ලබා දී තිබේ. තම ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් සහන සලසමින් ලංකා බැංකුව කොවිඩ් - 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් අතර, ඒ හරහා රුපියල් බිලියන 20.5ක් වටිනා ණය පහසුකම් ලබාදීමට හැකිවී ඇත. මේ ඔස්සේ, ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට 2020 වසර තුළදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට ලංකා බැංකුව රුපියල් බිලියන 128.9 ක ණය ප්‍රමාණයක් ලබා දී ඇත. එපමණක් නොව, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ව්‍යවසායකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් හමුවී ඔවුන්ගේ ව්‍යාපාරික ගැටලු සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත.

Comments