සෙලින්කෝ ලයිෆ් රක්ෂණ­ හි­මි­යන්ට සියයට 50ක් දක්වා වට්ටම් | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ­ හි­මි­යන්ට සියයට 50ක් දක්වා වට්ටම්

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමටඩ් (CHSL) සමාගමට අයත් කොළඹ පිහිටි අති නවීන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක තුළින් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමේදී 50% ක් දක්වා වට්ටමක් ලබාදෙන බව සමාගම සඳහන් කර ඇත.

මේ අනුව, වසර තුනකට වඩා වැඩි කාලයක් සිය ජීවිත රක්ෂණ ඔප්පු සක්‍රීයව පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් 50% ක වට්ටම ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් අනිකුත් රක්ෂණ ඔප්පුහිමියන් 25% ක වට්ටමක් ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් සමාගම සඳහන් කරයි.

Varian Clinac® iX ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රමය මගින් හෝ AccurayTomoHD™ ටොමෝතෙරපි විකිරණ ප්‍රතිකාර ලබාගැනීමේදී මෙම වට්ටම් ලබාගනිමින් රුපියල් 400,000 ක් දක්වා මුදලක් ඉතිරිකර ගැනීමේ අවස්ථාව තම රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන බව සෙලින්කෝ ලයිෆ් පවසයි. පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටා තිබේ.

Comments