නවසීලන්තයේ “ශ්‍රී ලංකන්ස්” ප්‍රජා පුවත්පතට දැන් වසරයි | සිළුමිණ

නවසීලන්තයේ “ශ්‍රී ලංකන්ස්” ප්‍රජා පුවත්පතට දැන් වසරයි

 

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගේ ලිපි කෙටි කතා හා පද්‍ය රචනා ආදී නිර්මාණයන් පළකිරීම හා ඔවුන් දිරි ගැන්වීම අරමුණු කරගෙන පටන්ගත් ශ්‍රී ලන්කන්ස් ප්‍රජා පුවත්පත මේ වර්ෂයේ මාර්තු මාස­‌ෙය් පවත්වනු ලැබීය.

 

කාලීන මෙන්ම කාලීන නොවන විවිධ මාතෘකා යටතේ ලිපි ලේඛන පළ කිරීමට මෙහි ඉඩකඩ සලසා තිබුණි. එමෙන්ම පළපුරුදු හා නවක ලේඛකයන් ලියූ කවි කෙටි කතා හා විවිධ නිර්මාණයන් සඳහා ඉඩකඩ තිබිණි. පාසල් දරු දරියන් සඳහාද පිටුවක් වෙන්වීතිබීම විශේෂිතය. නවසීලන්තය මිශ්‍ර ජනවාර්ගික රටක් වන අතර අද වන විට අනෙකුත් ජන කොටස් වල සාමාජිකයෝද මෙම පුවත්පතට ලිපි ලේඛන සැපයීමට උත්සුක වෙමින් සිටිති.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවලින්ද පළ කිරීම සඳහා විවිධ ලිපි ලේඛන, ඡායාරූප හා චිත්‍ර ලැබුණු අතර නවසීලන්ත ශ්‍රී ලංකිකයෝ ඔවුනොවුන්ගේ අදහස් හා අද්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙන එම නැඹුරුව මේ වන විට බෙහෙවින් අගය කරමින් සිටිති.

මුද්‍රිත පුවත් පතෙහි අන්තර්ජාල සංස්කරණයක් ද පළ කරනු ලැබේ. එයට හා මුහුණු පොත යූ ටියුබ් හා ට්විටර් වැනි සමාජ මාධ්‍ය වලට ලැබෙන ප්‍රතිචාර අනුව ශ්‍රී ලංකන්ස් පුවත් පතෙහි අන්තර්ජාලමය සාමාජිකත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වීමක් ප්‍රදර්ශනය වෙයි. මෙසේ මුද්‍රිත පත්‍රය, අන්තර්ජාල සංස්කරණය වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය යන මේ සෑම අංශයකින්ම ගත් කල, නවසීලන්තය තුළ හා පිටත සිටින කියවන්නන්ගේ සංඛාව අටදාහ ඉක්මවන බව පුවත්පතෙහි නිර්මාතෘ හර්ෂ වීරකෝන් මහතා සඳහන් කරයි.

නවසීලන්තය භූගෝලීයමය වශයෙන් ශ්‍රී ලංකාව මෙන් සය ගුණයකින් විශාලය. සයුරෙන් වෙන් වන උතුරු හා දකුණු දිවයින් දෙකකින් සමන්විත වේ. කෙසේ හෝ මුද්‍රණයෙන් පිටවූ දෙවැනි දිනයේ උතුරු හා දකුණු දිවයින් දෙකෙහිම සෑම නගරයකටම පුවත්පත සපයා දීම මේ වන විට කෙරී ගෙන යයි පුවත් පතෙහි අරමුණු ඉටුකර ගැණීමටත් සංඛ්‍යාත්මක ඉලක්කයන් ලබා ගැනීමටත් මේ වන විට හැකි වූ බව පවසන වීරකෝන් මහතා පත්‍රයේ අනාගතය ගැන ඉතා සුබ වාදී අපේක්ෂා ඇති කරගෙන සිටියි.

පුවත්පත හා එහි අන්තර්ජාලමය ඒකකයන් මඟින් නවසීලන්තයේ ශ්‍රී ලාංකික හා අනෙකුත් ජනවාර්ගික ප්‍රජා සංවිධාන අතර අදහස් හුවමාරු කරගෙන සම්බන්ධතාවයන් ගොඩ නැ‌ෙඟමින් පවතින බව ශ්‍රී ලන්කන්ස් හි මාධ්‍ය සම්බන්ධීකරණය මෙහෙයවන අනු වීරකෝන් මහත්මිය පවසයි. මෑතකදී, මේ වසර පුරා නවසීලන්තය, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල සිට පුවත්පතට ලිපි ලේඛන සපයමින් දායක වූ අය සමඟ පවත්වන්නට යෙදුණ අන්තර්ජාල සාකච්ඡාව මඟින් පුවත්පත හා ඔවුන් අතර වූ සම්බන්ධතාවය වඩාත් තීව්‍ර වූ බව ඇයගේ අදහසය.

එමෙන්ම ලේඛන කලාවේ පද්‍ය රචනය, ඡායා රූප කරණය හා සිතුවම් කරණය වැනි විවිධ ඉසවු වල නිපන් කුසලතා ඇති අය හඳුනා ගෙන ඔවුන්ගේ දක්ෂතා කුළු ගැන්වීමට පූවත්පත හා එහි අන්තර්ජාල ඒකක මහඟු කාර්‍යයක් කරමින් පවතින බව කතෘ කේ ඒ බී කරුණාරත්න මහතා සඳහන් කරයිග

දෙවෙනි වර්ෂයේ සිට පුවත්පතේ නිමැවුම ඉදිරියට ගෙන යාමේ විශාල කාර්යභාරය කරගෙන යන්නේ හර්ෂ වීරකෝන් මහතාගේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික වශයෙන් සහාය වෙමින් සම නිර්මාතෘ ලෙස කටයුතු කළ චරිත් ඒකනායක. මුද්‍රිත හා අන්තාර්ජාල සංස්කරණය, වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය ඒකක තව දුරටත් විවිධාංගකරණය කර දියුණු කර ගැනීමට ඔහු සැලසුම් කරමින් සිටියි.

මේ සියලු මාධ්‍යයන්ම දැන් පවතින තත්වයට ඒමට ලිපි ලේඛන මඟින් දායකත්වය ලබා දුන් ලේඛික ලේඛිකාවන්ගෙන් වූ සේවාව අති විශාලය. දැනට පුවත්පත පළ වනුයේ දෙමසකට වරකි. ඔවුන්ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩකඩ සපයා දීමට පුවත්පත මාසික ප්‍රකශනයක් කිරීමට නිර්මාතෘ හර්ෂ වීරකෝන් හා සම නිර්මාතෘ චරිත් ඒකනායක යන දෙපළ ගේ විශාල බලා පොරොත්තුවක් ඇත. අවසාන වශයෙන් මෙම සාර්ථකත්වයේ කොටස් කාරයන් වන ලිපි ලේඛන සැපයූ ලේඛික ලේඛිකාවන්ට, විවිධ අයුරින් සහාය වූ හිතමිතුරන්ට හා ශ්‍රී ලාංකික හා අනෙකුත් ව්‍යාපාරික මහත්වරුන්ට පුවත්පතෙහි සමස්ථ කාර්යය මණ්ඩලයේ ස්තූතිය පුද කර තිබේ.

Comments