දුනු විදීම් තරගාවලියෙන් | සිළුමිණ

දුනු විදීම් තරගාවලියෙන්

 

ඡායාරූප - සුදම් ගුණසිංහ

 මහගස්තොට කඳු තරණයෙන්

අශාන් සිල්වා (විනාඩි 31.6.99) නව තරග වාර්තාවක් සමඟින් මහගස්තොට කඳුතරණය මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියෙන් දක්ෂතම රියදුරා ලෙස කුසලාන හිමි කරගත්තේය. 2008 වසරේ දී ඔහු විසින්ම විනාඩි. 32.9.46ක් වශයෙන් තබා තිබූ තරග වාර්තාව අභිබවා යැමට මෙවර ඔහුට අවස්ථාව උදාවිය.

දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි කුසලාන දිනාගැනිමට සමත් වූයේ ඒරන් ගුණවර්ධනයි.

එස්.එල්./ජී.ටී. තරග කාණ්ඩයෙන්ම තරග කළ දිනේෂ් ජයවර්ධන හා නදීර ජිනසේන පිළිවෙලින් දෙවැනි හා තෙවැනි තැන් ලැබීය.

එම තරග ඉසව්වේ දෙවැන්නා වු ඒරන් ගුණවර්ධනට තරගය නිමා කිරීමට විනාඩි 34.9.57 කාලයක් වැය විය. ඒරන් හා ජේඩින් දෙසොහොයුරන් අතර තරගක් තිබුණු අතර ඔවුන්ට අභියෝග කිරිමටද යතරුපැදි කාණ්ඩයෙන් කිසිවෙකු සමත් නොවුණි. යතුරු පැදි කාණ්ඩයෙන් තෙවන හොඳම කාලය වාර්තා කි‍රිමට සමත් වුයේද ඒරන් ගුණවර්ධනයි. කෙසේ නමුත් 2018 වසරේ දී ආනන්ද සම්පත් විරසිංහ විසින් පිහිටුවා තිබූ වාර්තාව කිසිදු යතුරුපැදි ධාවකයකුට මෙවර ද අභිබවා යෑමට නොහැකිවිණි.

මෙවර තරගාවලියට එස්.එල්.ටී. මොබිටෙල් සමාගම (SLT-MOBITEL) තෙවැනි වරටත් අනුග්‍රහය දක්වා තිබුණේය.

 

ගිෂා මුණසිංහ

 

 

එලිට් ටයිකොන්ඩෝ සමාජයට ජයග්‍රහණ රැසක්

කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරගාවලියේ සහ එන්. ප්‍රනාන්දු අනුස්මරණ ටයිකොන්ඩෝ තරගාවලියේ දී එලිට් ටයිකොන්ඩෝ සමාජය රන් පදක්කම් හයක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් දහයක් දිනාගත්හ.

යුලනි සේරසිංහ (රන් හා ලෝකඩ පදක්කම් 2- විශාඛා විදුහල), ලිනුක් විජේසිංහ (රන් හා රිදී පදක්කමක්- ශාන්ත ජෝශප් විදුහල), සෙනිඳු විජේරත්න (රන් හා රිදී- ධර්මාලෝක විද්‍යාලය), ඉනරාන් විජේන්ද්‍ර (රන් පදක්මක්), වෙනුකි ප්‍රනාන්දු (රන් - ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), විවිදුනි මිතායා (රන් - රද්දොළුගම ප්‍රාථිමක විදුහල), ලිනලි විජේසිංහ ( රිදී, ලෝකඩ පදක්කම්- ශාන්ත බ්‍රිජට් කණ්‍යාරාමය), ශයනා හෙට්ටිවත්ත (රිදී- ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය), කෙනුල් සේරසිංහ (ලෝකඩ පදක්කම් දෙකක් ආනන්න ද විදුහල), පුනරි සේරසිංහ (ලෝකඩ පදක්කමක් - මියුසියස් විදුහල), ඔශදී විජේරත්න (ලෝකඩ පදක්කමක් - ධර්මාලෝක විුහල), ඩෙයෝන් ප්‍රනාන්දු ( ලෝකඩ පදක්කමක් - මාරිස්ටෙලා, ශෙවෝන් ප්‍රනාන්දු (ලෝකඩ පදක්මක්- මාරිටලා විදුහල), මෝදනා විදානරච්චි (ලෝකඩ පදක්කම) දිනාගත්හ.

ටයිකොන්ඩෝ සමාජයේ ප්‍රධාන පුහුණුකරු අසිත වික්‍රමතුංග කටයුතු කරන අතර ඔහුගේ සහය පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ අසංග වික්‍රමතුංග ය.

 

 

නිහැඬියාව බිඳ වැටී මතුව එන එල්ලය

 

වසර කිහිපයක් තිස්සේ එල්ලේ ක්‍රීඩාවේ පැවති නිහැඩියාව බිඳ දමා 2018 වසර ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (4) වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබී ය.

එල්ලේ ක්‍රීඩාව කෙරෙහි මෙරට ක්‍රීඩා ලෝලීන් දක්වන ආදරය තාමත් එලෙසින්ම පවත්වන බව පවතින බවට කදිම සාක්ෂිය සපයන ලද්දේ තරගය නැරඹීමට ක්‍රිඩාංගනයට රොක් ව සිටි අටදහසකට වැඩි ක්‍රීඩා ලෝලීන් විසිනි.

පැපරේ සංගීතයෙන් ක්‍රීඩාපිටියම නින්නාද වෙද්දී ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය හා උදම්මිට ගාමිණී ක්‍රිඩා සමාජය අතර අවසන් සටන ආරම්භ විය.

එහිදී ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ උදම්මිට ගාමිණී පිල ශූරතා කුසලානය සමඟ රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ත්‍යාගය ද දිනා ගත්තේ ය.

අනුශූරතාවයට හිමි කුසලානය සමඟ රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජයට හිමි විය.

කණ්ඩායම් 176 සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම තරගාවලියේ අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් උදම්මිට ගාමිණී පිල පළමු ව ලකුණු රැස් කරමින් පළමු ඉනිමට ලකුණු 9ක් රැස් කළේ ය. එයට පිළිතුරු සැපයූ ජොසිටාවත්ත රශ්මි පිල ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 8ක් ලබා සිටිය දී අවසන් කර තිබිණ.

දෙවන ඉනිමේදී උදම්විට ගාමිණී පිල ලකුණු 16ක් ලබා ගත් බැවින් ජයග්‍රහණය සඳහා ලකුණු 18 ක් රැස් කළ යුතු වූවත් රශ්මි පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකිව තිබුණේ ලකුණු 7ක් පමණි.

ඒ අනුව 1995,2000 යන වර්ෂයන්හි ජාතික එල්ලේ ශූරතාවය දිනා සිටි උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය මෙම 2018 ශූරතාව සමගින් ශුරතා ත්‍රිත්වයකට හිමිකම් කියන්නට සමත් විය.

මෙම තරගාවලියේදී අනුශූරතාවය සැනසුන රශ්මි ක්‍රීඩා සමාජය ද 2010, 2014 සහ 2015 වන වර්ෂයන්හි ජාතික ශූරතා දිනා ඇත.

මේ අතර තෙවන ස්ථානය වෙනුවෙන් තොටලඟ අරුණ ක්‍රීඩා සමාජය හා නාගොඩ ශ්‍රීමාලි ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් ජයගත් තොටලඟ අරුණ ක්‍රීඩා සමාජය තෙවන ස්ථානය හිමි රුපියල් 50000 කමුදල් ත්‍යාගය දිනා ගත්තේ ය.

තරගාවලියේ පිතිකරු : ප්‍රියලාල් ප්‍රනාන්දු (ගාමිණි) තරගාවලියේ පන්දු රකින්නා: උදිත් සංජීව කස්තුරි ආරච්චි (මහබාගේ ශා.ජූඩ්) තරගාවලියේ ශූරයා: රොෂාන් කුමාර වික්‍රමසිංහ (ගාමිණි)

අවසන් තරගයේ පිතිකරු: රාජිත කුමාර ද සිල්වා (ගාමිණී) උඩ පන්දු රකින්නා: සුභාෂ් රුක්ෂාන් (රශ්මි) තරගයේ වීරයා: රජිත ප්‍රසංග ද සිල්වා.

සීවලී එදිරිවීර

ඡායාරූප - එස්. ආර්.කුමරේෂා

Comments