මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයකින් හමු වූ චීටි | සිළුමිණ

මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයකින් හමු වූ චීටි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් ‘චීටි’ විශේෂ කාර්ය බලකාය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී අද උදෑසන මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන අංගොඩ ලොක්කා මුලින්ම අපරාධ සඳහා යොමු කළ තැනැත්තා මොහු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
 
44 හැවිරිදි මෙම සැකකරු නොවැම්බර් 12 වෙනිදා වැලගමදී විශේෂ කාර්ය බලකාය වැටලූ හෙරොයින් කිලෝ 112 සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි 9 වැනි සැකකරු බවයි.

Comments