සිංගර් සමඟින් Anoma's Kitchen අත්වැල් බැඳ ගනියි | සිළුමිණ

සිංගර් සමඟින් Anoma's Kitchen අත්වැල් බැඳ ගනියි

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර් විසින් ජනප්‍රිය ඉවුම් පිහුම් හා සම්බන්ධ YouTube නාළිකාවක් වන Anoma’s Kitchen හි නිර්මාතෘ වන අනෝමා විජේතුංග මහත්මිය සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට පැමිණ ඇත. මෙම හවුල්කාරීත්වය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා කොල්ලුපිටිය සිංගර් මෙගා ශාඛා පරිශ්‍රයේදී සිදු විය.

මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදු කෙරෙන විශේෂ වීඩියෝ මාලාවක් තුළින් ලොව ප්‍රමුඛ සන්නාම රැසක මුළුතැන්ගෙයි උපකරණ රැසක් පිළිබඳ පාරිභෝගිකයා දැනුම්වත් කිරීමට නියමිත අතර, මේ හරහා ප්‍රේක්ෂකයන්ට මුළුතැන්ගෙයි උපකරණ නිසි ලෙස භාවිතය සිදු කරන්නේ කෙසේද, ඒවායේ නඩත්තුව හා වෙනත් අදාළ ප්‍රයෝජනවත් කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

Comments