සතොස මෝටර්ස් සේවා සංකීර්ණය නව මුහුණුවරකින් | Page 2 | සිළුමිණ

සතොස මෝටර්ස් සේවා සංකීර්ණය නව මුහුණුවරකින්

කොළඹ නගරය තුළ ඕනෑම වාහනයකට උපරිම සේවා පහසුකම සලසාලමින් සතොස මෝටර්ස් පුද්ගලික සමාගම සිය සේවාව පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ. නවීන තාක්ෂණයෙන් යුතුව නව සේවා සංකීර්ණය ලෙස ප්‍රතිසංස්කරණය කළ සතොස මෝටර්ස් සේවා ස්ථානය සිය ඉසූසූ වෙළෙඳ සන්නාමයට අදාළ රථ වාහන පමණක් නොව ඕනෑම වර්ගයක රථවාහන සඳහා සිය උපරිම සේවාව විවෘත කර තිබේ. නඩත්තු සේවාව, පරීක්ෂා කිරීම, වාහන සේදීම පමණක් නොව ඔබේ වාහනයට අවශ්‍ය සියලුම ආකාරයේ සේවාවන් දැන් සතොස මෝටර්ස් සේවා සංකීර්ණයෙන් ලබාගත හැකිය.

නව සේවා සංකීර්ණය සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පාරිභෝගික සේවාව සඳහා විවෘතව පවතින අතර, ඕනෑම වර්ගයක වාහන සඳහා අන්තර්ජාතික මට්ටමෙන් පුහුණුව ලැබූ විශේෂඥවරුන්ගේ සේවාව සැපැයීමට සූදානමින් සිටී.

නගර සීමාව ඇතුළත ඔබ රැගෙන යෑමේ,ගෙන්වා දීමේ shuttle සේවාවක් ද මීට ඇතුළත් වන අතර, මේ සියලුම සේවා පහසුකම් එකම වහලක් යට දී සිදු කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කර ඇති සතොස මෝටර්ස් පුද්ගලික ආයතනය වාහන තත්ත්ව පරීක්ෂාව, කාර්මික දෝෂ හඳුනා ගැනීම, Accident repair , වායුසමීකරණය අලුත් වැඩියාව, වාහනය ඇතුළත පිරිසුදු කිරීම සහ අලංකාර කිරීම සහ එන්ජිම ටියුන් කිරීම ආදි සියලු සේවාවන් සිදු කරනු ලැබේ. මීට අමතරව නියම අමතර කොටස් වට්ටම් සහිත මිල ගණන් යටතේ ලබාගැනීමේ පහසුකම ද, ලිහිසි තෙල් සහ කාර්මික සේවාව ලබාගැනීමේ අවස්ථාව ද උදා කර තිබේ.

Comments