අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍රා විදුලිජනක යන්ත්‍ර | Page 2 | සිළුමිණ

අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍රා විදුලිජනක යන්ත්‍ර

 

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් මෙන්ම, සියලුම මහින්ද්‍රා වාහන හා බල මෙවලම් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය මහින්ද්‍රා Powerol විදුලිජනක යන්ත්‍ර මිලදී ගනු ලැබීය.

ඒ අනුව සී/ස බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සිය ග්‍රාමීය බැංකු සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය මහින්ද්‍රා Powerol 5KVA සහ මහින්ද්‍රා Powerol 10KVA වර්ගයේ ඩීසල් විදුලිජනක යන්ත්‍ර මඟින් සිය අනාගත විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට නියමිතය.

Comments