
බස්නාහිර පළාත් පාසල් ඇතුළුව ලංකාවේ සියලූම පාසල්වල දෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කිරීම මාර්තු 15 වැනිදාට යෙදි තිබුණද, දැනට පවතින කොව්ඩ් අවදානම හේතුවෙන් බස්නාහිර පළාත් පාසල් එදිනට විවෘත කිරිමට නොහැකිවන තත්ත්වයක් උදාවී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, වාර්තා වන අන්දමට බස්නාහිර පාසල් 15 වැනිදාට විවෘත කිරීමට මේ වන තෙක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිව නැති බවයි. එසේම අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගයත් මේ අනුව කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඒ, එම විභාගයට මුහුණ දෙන සිසුන්ගේ විෂයමාලා ආවරණය නොවීමේ හේතුවෙනි.
ලංකාවේ 10,165 ක්වූ පාසල් අතරින් බස්නාහිර පළාතේ පාසල් 1356 ක් වෙයි. එයින් ජාතික පාසල් 74 ක් හා පළාත් පාසල් 1282 කි. මෙයින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 401 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 536 ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 419 ක්ද වෙයි. බස්නාහිර පළාතේ සිසු ප්‍රමාණය 932,431 ක් වන අතර මෙම පළාතේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරු ප්‍රමාණය 45,832 කි.