ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇත්තේ මාර්තු 8 වැනි සෙනසුරාදාය. ‘රටකි, දැයකි, ලොවකි, ඇය’ මෙවර ජාතික දින තේමාවයි. කාන්තා දින තේමාව වඩාත් අර්ථ දක්වන සේයාරුවක් ඉහත දැක්වෙයි. ඒ ලංකාවේ 16 වැනි විශ්වවිද්‍යාලය වන ගම්පහ වික්‍රමාරච්චි දේශිය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ලියනගේ පත්වීමය. ඇයගේ සැමියා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ වර්තමානයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිය. ස්වාමියා හා බිරිඳ එක විට උප කුලපති ධූරය හොබවන ශ්‍රී ලංකාවේ ප්‍රථම අවස්ථාවද මෙය වනු ඇත. මහාචාර්ය ජනිතා ලියනගේ අභිනව උපකුලපතිනිය ලෙස වැඩ බාරගත් අවස්ථාවයි මේ. ඇයගේ පුතු පසිඳු හා සැමියා දකුණු පසය. වම් පසින් සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු සම්භාවනීය පිරිසකි.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 52.8% ක් කාන්තාවන්ය. ඔවුනට සම තැන වෙනුවට නිසි තැන හිමිවිය යුතු මේ යුගයේ ශ්‍රි ලංකා පරිපාලන ක්ෂේත්රයේ 55% ක තනතුරු හොබවන්නේ කාන්තාවන්ය. අධිකරණ ක්ෂේත්රයේ 29% ක්ද, උසස් අධ්‍යාපනයට පිවිසෙන 64% ක්ද කාන්තාවන්ය.
(සේයාරුව - ප්‍රසන්න හෙන්නායක)