චීන ආර්ථිකයේ අනාගතය ගැන අනාවරණයක් | සිළුමිණ

චීන ආර්ථිකයේ අනාගතය ගැන අනාවරණයක්

මෙම වසරේ දී චීන සංවර්ධනය අභියෝග හා අවදානම් රැසකට මුහුණදුන්නද චීන ආර්ථිකයේ දිගුකාලීන යහපත් මූලිකතත්ත්වය වෙනස් නොවනු ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං පවසයි. 
 
චීන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අපේක්ෂිත අනුපාතය සියයට 06කට වැඩිවනු ඇතැයි ලී ක ච්‍යං මහතා කියා සිටියේ අද ආරම්භ වූ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දී චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.
 
13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද (05) බෙයිජිංහිදී ආරම්භ වූ අතර චීන ජනාධිපති ෂී ජින් පිං ඇතුළු නායකයෝ සහ මහජන නියෝජිතයෝ 3000 දෙනෙක් පමණ ඊට එක් ව සිටිති.
 
මෙම වසරේ අපේක්ෂිත ඉලක්කය සියයට 6කට වැඩි අනුපාතය නියම කිරී‍මේදී,ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ තත්ත්වය සලකා බලා ඇත. 
 
ඉන් විවිධ ක්ෂේත්‍ර බලය එක් රැස්කර ප්‍රතිසංස්කරණය, නිර්මාණශීලිත්වය හා අධික ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපාකරීවේ. 
 

Comments