78 වන මුණිදාස කුමාරතුංග ගුණ සමරුව අද | සිළුමිණ

78 වන මුණිදාස කුමාරතුංග ගුණ සමරුව අද

මුණිදාස කුමාරතුංග සූරීන්ගේ 78 වන ගුණසමරු උළෙල අද (02 දා) එතුමා උපත ලද, ඉඳිගස්ආර, දික්හේන භූමියේදී සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් ඉතා චාම්ව සිදු කෙරිණි.
 
මෙවර උත්සවය සාහිත්‍ය තරඟ ආදියෙන් තොරව පුෂ්පෝපහාර දැක්වීමට පමණක් සීමා වී තිබීම විශේෂත්වයක් විය.
 
වැවුරුකන්නල විද්‍යාතුංග මහ පිරිවෙනේ හිටපු පරිවේනාධිපති, ශාස්ත්‍රවේදී පණ්ඩිත කරතොට පඤ්ඤාසීල හා ස්වාමීන් වහන්සේලා පිරිසක් හා සීමිත පාසල් සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් උපන් බිමේ හා දික්වැල්ල අලුත් පාර හන්දියේ පිහිටි මුණිදාස කුමාරතුංග පිළිරූ අසල පුෂ්පෝපහාර දැක්වීම පමණක් සිදු කෙරිණි.
 
මෙහිදී දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, කිත්සර මුතුකුමාරණ මහතා කුමාරතුංග මුණිදාස පිළිරුවට මල්දමක් පළඳවා උපහාර දැක්වීය.

Comments