මෝදිට කොවිඩ් එන්නත | සිළුමිණ

මෝදිට කොවිඩ් එන්නත

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව අද(01) ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
භාරත් බයෝටෙක් සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සංවර්ධනය කරන ලද ඉන්දියාවේම නිෂ්පාදිත එන්නතක් වන කොවැක්සින් එන්නත අගමැති මෝදි විසින් ලබාගෙන තිබේ.
 
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අගමැතිවරයා මේ බව තහවුරු කර ඇත.
 
එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු ඉන්දියානුවන්ට එන්නත ලබාගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍ය මෝදි එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
මේ වන විට ලෝකයේ රටවල් රැසක එන්නත්කරණය වැඩසටහන් ආරම්භකර ඇති අතර ලොව විශාලතම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව තුළයි.
 
අගමැති මෝදි සිනාසෙමින් තමාට වේදනාව දැනෙන්නේ නැති බව පවසමින් එන්නත්කරණයට එක් වූ බව ඊට සහභාගී වූ හෙදිය සදහන් කර ඇතැයි වාර්තා වේ. 
 
ජනතාව අතර විශ්වාසය ඇති කිරීම සඳහා COVID-19 එන්නත ලබා නොගැනීම ගැන බොහෝ විපක්ෂ මන්ත්‍රීවරුන් අගමැති මෝදි විවේචනය කර තිබුණි. විවේචකයන්ට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණේ රාජ්‍ය නායකයින්ගේ වාරය පැමිණි විට එන්නත ලබා ගන්නා බවයි.
 

Comments