ෆොන්ටෙරා වෙතින් කිරි ගොවින්ට ඛනිජලවණ | Page 2 | සිළුමිණ

ෆොන්ටෙරා වෙතින් කිරි ගොවින්ට ඛනිජලවණ

 

මෙරට කුඩා පරිමාණ කිරි ගොවීන්ට තම කිරි ගවයන්ගේ සෞඛ්‍ය සහ ලැබෙන කිරි අස්වැන්න වැඩි කර ගැනීමට උපකාරී වීමේ අරමුණින්, ඉහළ පෝෂණයෙන් යුත් ඛනිජ ලවණඅඛණ්ඩව ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පියවර ගෙන තිබේ.

Òවයඹ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් වල වෙසෙන අපගේ කිරි ගොවීන්ට ප්‍රථම වතාවට මේ ආකාරයට මෙරටදී ම නිපදවූ, උසස් පෝෂණයෙන් යුත් ඛනිජ ලවණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට හැකිවීම අපට විශාල සතුටක්.

මෙය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ අරමුණු වලට සමගාමී පියවරක් ලෙස හැඳින්විය හැකියි. ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය පැවසුවා ය. උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර සොයාගැනීම දුෂ්කර වීම මෙරට කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. ඛනිජමය පරිපූරක ආහාර මගින් කිරිදෙනුන්ගේ සෞඛ්‍යය හා වර්ධන අනුපාතය වැඩි වීම සහ ගොවිපළ තුළ සත්ත්ව ආහාර භාවිතාවේ කාර්යක්ෂමතාව වැඩි වීම මෙන්ම ප්‍රතිශක්තිකරණය ඉහළ යාම තුළින් කිරි ගවයන් රෝග වලින් ආරක්ෂා වීම වැනි ප්‍රතිලාභ රැසක් අත්වන නිසා ඒවා පශු සම්පත් සංවර්ධන වැඩසටහන් වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. 

Comments