පෑලියගොඩ පහර දීමට පොලිසියේ 4කගේ වැඩ තහනම් | සිළුමිණ

පෑලියගොඩ පහර දීමට පොලිසියේ 4කගේ වැඩ තහනම්

පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පසුගිය 25 වැනිදා රාත්‍රියේ පොලිස් නිලධාරීන් විසින් තරුණයකුට පහර දීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරය විසින් නියෝග කර ඇත.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනකු ගේ වැඩ තහනම් කර ඇත. පොලිස් ස්ථානය තුළ සිදු කළ පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍යවරයා පවසා තිබුණි.

පැලියගොඩ පොලීසියේ දී මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්න වන අතර ඔහු හිටපු ආණ්ඩුකාර, නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයෙකි.

Comments