රොටරි මෙට්‍රෝ ගොල්ෆ් තරගාවලිය මාර්තු මාසයේ දී | සිළුමිණ

රොටරි මෙට්‍රෝ ගොල්ෆ් තරගාවලිය මාර්තු මාසයේ දී

 

ශ්‍රී ලංකා රොටරි සමාජය ඩයලොග් එන්ට්‍රපයිසස් සමාගම සමඟ එක්ව සමාගම් ගණනාවක සම අනුග්‍රහය සහිතව සංවිධානය කරනු ලබන ඩයලොග් එන්ට්‍රප්‍රයිස් රොටරි මෙට්‍රෝ පාර් 3 ගොල්ෆ් ක්ලැසික් තරගාවලිය මාර්තු මස 13 වැනිදා කොළඹ රාජකිය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැත්වෙයි.

මෙහිදී අනුග්‍රාහක ආවරණ මගින් උපයාගනු ලබන මුදල් ළමුන් වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂා කරන බව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විණි. මේ දැක්වෙන්නේ තරගාවලියේ ප්‍රධාන සත්කාරක සමාගම වශයෙන් ඩයලොග් සමාගම ස්වකීය අනුග්‍රාහක චෙක්පත ප්‍රදානය කළ ආකාරයයි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments