පාස්කු කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ සැඟවිමට කිසිවක් නැහැ | සිළුමිණ

පාස්කු කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ සැඟවිමට කිසිවක් නැහැ

පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවේ රහසක් හෝ සැඟවිමට කිසිවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙනක් ඇති සියලු මතවාදයන් දුර්මත බවත් ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
ඇමතිවරයා මේ බව පැවසුවේ අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ,පාස්කු කොමිසන් වාර්තාව සම්ප්‍රදායට අනුව ප්‍රථමයෙන් ජනාධිපතිවරයාට භාර දුන් අතර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් වන බවයි.. මෙම වාර්තාව පළමුව ඉංශ්‍රිසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අතර එය අනෙක් භාෂා දෙකෙන් ම මුද්‍රණය කළ යුතු වන බවත්. එසේම,මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාට ම ලබා දීම සිදු වන අතර මෙම වාර්තාව පිටු 700කට අධික වන නිසාත් තරමක කාලයක් මේ සඳහා වැය වන බවත් ඇමැතිවරයා කියයි.
 
මේ වාර්තාවේ වැදගත් හා සංකීර්ණ ගැටලු විශ්ලේෂණය  සඳහා පස් පුද්ගල කමිටුවක් පත් කිරිම විවාදයට ලක් වුද එය තවදුරටත් ස්වාධින වාර්තාවක් කිරිම සඳහා මෙම පස් පුද්ගල කමිටුව පත් කළ බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත බවත්,ඉන්පසුව මෙය පොදු ප්‍රතිකාවක් ලෙසින් ජනතාව අතරට පත් කළ හැකි බවත් ඇමැති  කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 
බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි 

Comments