තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැ­න්ඩරේ | සිළුමිණ

තරු හැඩ වෙනස් කරන රැෆෙලාගේ කැලැ­න්ඩරේ

රැ‍ෆෙලා ප්‍රනාන්දු කියන්නේ ජායාරූපකරණය සහ ඇඳුම් නිර්මාණ ශිල්පය තුළින් ජාත්‍යන්තරය ජයගත් තරුණියක්. කැලැන්ඩර කලාවට අපූර්වත්වයක් එක්කරමින් 2013 වසරේදී ආරම්භ වූ රැ‍ෆෙලාගේ RFCC කැලැන්ඩරය පසුගියදා නව සංකල්පයකින් එළි දැක්වුණේ රැ‍ෆෙලා කැලැන්ඩර් එකතුවේ 9 වැනි කැලැන්ඩරය ලෙසින්.

 

මෙවර කැලැන්ඩරය හැඩවී තිබෙන්නේ ශනුද්‍රි ප්‍රියසාද්, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, රවීන් කනිෂ්ක, ශලිනි තාරකා, මාධවී වත්සලා, සචිනි අයේන්ද්‍රා, සංගීතා වීරරත්න, සචිනි නිසංසලා , රන්වීර් විතාන, නිරංජලී සම්මුගරාජා යන ජනප්‍රිය තරු 12කගේ රුවෙන්.

රැ‍ෆෙලා කැලැන්ඩරය වසරින් වසර අලුත් වෙන තේමා යටතේ නිර්මාණය වන්නක්. නිරංජලී, සචිනි හා රන්වීර් රැ‍ෆෙලා කැලැන්ඩරය සරසන පළමු වතාව මෙයයි. මේ වන විට කලාකරුවන් 125ක් පමණ රැෆෙලා කැලැන්ඩරය සරසා තිබෙන අතර ක්ෂේත්‍රයට එක්වන නවක තරු ද සිය කැලැන්ඩරයට එක්කර ගැනීම රැ‍ෆෙලා ප්‍රනාන්දුගේ බලාපොරොත්තුවයි.

 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දින 10 වැනි කෙටි කාලයක් තුළ රූගත කෙරුණු මෙවර රැ‍ෆෙලා කැලැන්ඩරයේ තේමාව Glamorous වන අතර ඊට පෙනී සිටි කලාකරුවන් දොළොස්දෙනාගේ රූගත කිරීම් සිදුකර තිබෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ආකාරයටයි.

මෙම කාර්යය සඳහා සහයෝගය සහ දායකත්වය ලබාදුන් කලාකරුවන්, soo chai - masla tea wide vision event company හි සියලු දෙනාටත් සැමියා, මවුපියන් ඇතුළු සැමට ස්තුති කරන්නත් රැ‍ෆෙලා අමතක කළේ නැහැ.

ලබන වසරේදී රැ‍ෆෙලා කැලැන්ඩරයට වසර 10ක් සපිරෙන බැවින් දැන් සිටම 2022 කැලැන්ඩරය නවමු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවත් රැ‍ෆෙලා පැවසුවා.

 

 

Comments